ගෙවුණු වසර දෙකහමාර තුළ ජාතික රජය තුළ සිට එක්සත් ජාතික පක්ෂය විශාල වැඩ කොටසක් ගමට සිදු කළත් ඒවා ප්‍රචාරය කිරීමට රජයේ කිසිදුමුදලක් වැය නොකළ...
ගෙවුණු වසර දෙකහමාර තුළ ජාතික රජය තුළ සිට එක්සත් ජාතික පක්ෂය විශාල වැඩ කොටසක් ගමට සිදු කළත් ඒවා ප්‍රචාරය කිරීමට රජයේ කිසිදුමුදලක් වැය නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අධ්‍යාපනය, මාර්ග පද්ධති, පන්සල්, සෞඛ්‍ය අංශවලින් මෙන්ම සංවර්ධන ව්‍යාපෘති මගින් මෙම වැඩ සිදු කර ඇති බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා පසුගිය රජය වැඩ නොකර ප්‍රචාරණය සඳහා රජයේ මුදල් වැය කළ බවද පැවැසිය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ආසන සංවිධායකවරුන් සහ ජන්ද අපේක්ෂකයින් වෙනුවෙන් පැවති මහ සමුළුවේදී අගමැති වික්‍රමසිංහ මහතා ඊයේ (03) මේ බව සඳහන් කෙළේය.
ගත වුණු අවුරුදු දෙක හමාර තුළ පක්ෂය සිදු කළ වැඩ පිළිබඳව අගමැතිවරයා සංවිධායකවරුන් දැනුවත් කළේය. සියලුම ජන්ද නීතී අකුරටම ආරක්ෂා කරමින් අනෙකුත් පක්ෂවල අපේක්ෂකයින්ට ආදර්ශයක් වන අයුරින් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජන්ද කටයුතු මෙහෙයවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට උපදෙස් ලබා දුන්නේය.
මැතිවරණ කටයුතු සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ අගමැතිවරයා මෙහිදි උපදෙස් ලබා දුන්නේය.
පක්ෂය මෙතෙක් සිදු කර ඇති වැඩ කොටස පිළිබඳ ගෙන් ගෙට ගොස් ගමේ ජනතාවට පැහැදිළි කර දී අලුත් ජන්ද ක්‍රමය යටතේ ජන්දය පක්ෂයට ලබා ගැනිමට කටයුතු කරන ලෙසද අගමැතිවරයා සංවිධායකවරුන්ට උපදෙස් ලබා දුන්නේය.
ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතනවලට අදාළ සංවර්ධනය කිරීමේ වගකීම තමා භාර ගන්නා බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා යම් පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කිරීමට බැරි නම් සංවිධායකවරයා එයට වගකිව යුතු බවද ප්‍රකාශ කෙළේය. පරාද වන එම ආයතනවලට අදාළ ප්‍රදේශයේ සංවිධායකවරුන් සම්බන්ධයෙන් වගකිව යුතු බවද ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අගමැතිවරයා මෙහිදි අවධාරණය කෙළේය.
COMMENTS