දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දෙන් පස්සේ තිරය පිටුපස කතා.
Homeගොසිප්

ඡන්දෙන් පස්සේ තිරය පිටුපස කතා.

PropellerAds

ස්ථාවර දේශපාලන සැකිල්ල යම් තරමකට සසල කරමින් අනපේක්ෂිත ප්‍රතිඵලයක් මැතිවරණයෙන් ලැබිණි.රොයිටර් පුවත් සේවය පවසන ආකාරයට මේ ප්‍රතිපලය ශ්‍රීලංකා...

අඹ කඩන්නට මොරටු කැම්පස් ආ පුද්ගලයෙකු ඇද වැටී මරුට
Trail Walk 2016
ගුවන් සේවිකාවගේ රාජගිරියේ නිවසටම ඇවිත් දූෂණය කළ මේසන් බාස් පොලිසිය එද්දී මාට්ටු
ස්ථාවර දේශපාලන සැකිල්ල යම් තරමකට සසල කරමින් අනපේක්ෂිත ප්‍රතිඵලයක් මැතිවරණයෙන් ලැබිණි.රොයිටර් පුවත් සේවය පවසන ආකාරයට මේ ප්‍රතිපලය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බලය වෙනතකට හරවන ආකාරයේ එකකි.

නොපෙනුණ රහස

කෙසේ වෙතත් ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මහින්ද පිළේ මෙවර ඡන්ද ප්‍රමාණය  ලක්ෂ අටකින් පමණ අඩුවී තිබේ. අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට ඔහුට ශ්‍රීලනිප ඡන්ද ඒ හැටි ලැබුණේ නැත. එහෙත් ඔහු මෙවර ඡන්ද ලක්ෂ 15ට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන සිටීමද වැදගත්ය.

හතර කොනේ මෙහෙයුම්

සෙනසුරාදා මැතිවරණය පැවැත්වූයේ මාස එකහමාරක් ඉක්මවූ ප්‍රචාරණ ක්‍රියාවලියකට පසුවය. ප්‍රධාන කඳවුරු හතරක් මෙවර මැතිවරණයට ප්‍රතිමල්ලවයින් වූ අතර මෛත්‍රී, රනිල්, මහින්ද, අනුර ස්වකීය දේශපාලන බලය උරගා බැලීමට සෙනසුරාදා වෙද්දී සැදී පැහැදී සිටියහ. සෙනසුරාදා පෙරවරුවේ ජනපති මෛත්‍රී පොළොන්නරුවට ගියේත් අගමැති රනිල් කොළඹ සරසවි මන්දිරයට ගියේත්, හිටපු ජනපති මහින්ද වීරකැටියට ගියේත්, ජවිපෙ නායක අනුර පංචිකාවත්තට ගියේත් 'බලය උරගා බලන මෙහෙයුමටය.

'ආණ්ඩු වෙනස් කරන' මැතිවරණයක් නොවුණත් ගම හදන කටයුත්තට දායක වීමේ බලය තමන් සතුකර ගන්නට ඔවුහු උනන්දු වූහ.

රාත්‍රී 10.30 වන විටම ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 341න් ආයතන 222ක බහුතරය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටියේය.

මැකෝ මොකෝ කළේ?

කොට්ඨාස ක්‍රමයේ ආගන්තුක බව මැතිවරණ කොමිසමට පවා එක් කළේ අභියෝගයකි. සෙනසුරාදා රාත්‍රී අට වනවිට මුල්ම ප්‍රතිපලය නිකුත් කරන බවට කොමිසම කීවද, කොමසාරිස්ට සිදුවූයේ 'පමාවීම' ගැන කිහිපවිටක්ම පුරවැසියන්ගෙන් සමාව ගන්නටය.

කොමිසමට බලය නැති ඡන්ද  විමසීම අවසන් වූ පළාත් පාලන ආයතන මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික  මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පවතින  නීතියට අනුව එවැනි දෙයක් කිරීමට කොමිසමට බලය නොමැති බවත්, එහෙත්  විශ්ලේෂකයන්ට, කොමිෂන් සභාව නිකුත් කළ ප්‍රතිඵල එකතු කරගෙන විශ්ලේෂණ  ඉදිරිපත් කළ හැකි බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ජනපති පාන්දරම ඇමතිවරු කැඳවයි

පසුදින පෙරවරුවේම ජනපති මෛත්‍රී කළේ සිය පක්ෂයේ අමාත්‍යවරුන් කැඳවන එකය. උදෑසන  11.00ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව දහවල් 1.30 පමණ වන තෙක් පැවැති අතර මේ සඳහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සියලු දෙනාම පාහේ සහභාගි වූහ.

ජනාධිපතිවරයා මදක් විමතියට බර නොසන්සුන්කමකින් සිටි අතර, රැස්වීමට පැමිණි ඩිලාන් කතාව පටන්ගත්තේ මෙහෙමය.

'මේ ප්‍රතිඵලය ආණ්ඩුවට නරකයි. එස් බී, අනුර යාපා, මහින්ද සමරසිංහ වැනි අමාත්‍යවරු කීවේ 'කිසියම් වෙනසක්' විය යුතු බවය. ඒ අතර සුසිල් මෙහෙමත් කීවේය.

'අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නම්. ඉවත් වෙලා ස්වාධීන වෙන්නම්'

කරන්නේ මොනවද?

එහෙත් සමහර ඇමැතිවරුන් හිටියේ අපැහැදිලි ස්ථාවරයකය. ඔවුනට විකල්ප හතරක් තිබිණි. එකක් ආණ්ඩුවේ ඉන්න එකය. අනෙක, ස්වාධීන වෙන එකය. අනෙක එජාපයට යන එකය. අනෙක් විකල්පය පොහොට්ටුවට යන එකය. එහෙත් මේ හතර ගැනම නිශ්චිත නිගමනයක් කාටවත් තිබුණේ නැත. දවස පුරා නිදිවරා සිටි අමාත්‍යවරු තෙහෙට්ටුවට වඩා අපේක්ෂා විරහිත උහතෝකෝටිකයක සිරව සිටියහ.

'එහෙට මෙහෙට පනින එක බැණුම් අහන පොටක්' සමහරු කීවේ එහෙමය.

දුමින්ද දිසානායක හිටියේ වෙනත් මතයකය.

'අඩුපාඩු වුණා තමයි. අපි ආවේ 2020 වෙනතුරු එකට රට කරන්න. ඒකට පිටුපාන්න පුලුවන්ද.'

මහින්දට හොරෙන්ම ඇමැතුම්

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජතයන් 225 දෙනාගෙන් 106ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේත්  41දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේත් සිටින අතර ඔවුන් ආණ්ඩුව සමඟ නම් ඒ හැටි ගැටලුවක් නැත. එහෙත් ජනපති  මෛත්‍රිගේ නිවසේදීම සමහර ඇමැතිවරු හිටපු ජනපති මහින්දට කතා කළහ.

'සර් හදවතින්ම සුබ පතනවා. ඕනම සහයක් දෙනවා'

කිහිප වතාවක් එහෙට මෙහෙට පැන්න අමාත්‍යවරයෙක් මහින්දට කීවේය.

ලංකාවේ ප්‍රතිපලය ඉන්දියාව දැකපු හැටි

මේ  අතර ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ ජය ලබා ඇත්තේ  සිංහල බහුතර ජනතාවක් ජීවත්වෙන ප්‍රදේශවල ජන්ද ලබාගනිමින් බව The Hindu වෙබ්  අඩවිය වාර්තා කර තිබේ.

එසේම දමිළ ජනතාව බහුතරයක් ජිවත්වන ප්‍රදේශවල බලය හිමිව ඇත්තේ දෙමළ සන්ධානයට බව ඔවුන් වාර්තා කර ඇත.

එකතුකරන වැඩේ රාජිතගේ

මේ අතර  යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන  මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව ඇමැති රාජිත සේනාරත්න පවසයි.

ඔහු කියන්නේ මෙහෙමය,

“ප්‍රතිඵලය  පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ  මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන්  දෙදෙනාම කැමැත්ත පළ කළා.

ජනපතිගෙන් මලික්ට ඇමතුමක්

ජනාධිපතිවරයා ඒ වනවිටත් ගතයුතු තීරණය අරගෙන සිටියේය. ඔහු ඇමැති මලික්ට කතාකොට සිය තීරණය දැනුම් දුන්නේය.

'පරණ වෙච්ච දේ අමතක කරලා අපි ඉස්සර වගේ එක ගමනක් යමු'
ජනපති කීවේය.

'මේ වෙලාවේ අපි තනි ආණ්ඩුවක් හදන්න වුණත් ලෑස්තියි'
මලික් කීවේය.

'එකට මේ ගමන යන්න කැමැති අය එකතුකරගමු. අපිට ජනවරම ලැබුණේ එකට යන්න. ඒ වරම 2020 වෙනතුරු වලංගුයි'

රට වෙනුවෙන් අපිට වැඩ කොටසක් තියෙනවා, ඒක කරමු' ජනපති කීවේය.

ඒ එක්කම අගමැතිවරයා හමුවීමට උවමනා බව ජනාධිපතිවරයා මලික්ට කීය.

තොණ්ඩා පැන්න පිම්ම

මැතිවරණයෙන් පසුව ප්‍රතිපල දැක, මුලින්ම පැන්නේ තොණ්ඩමන්ය. මෛත්‍රී වෙනුවෙන් කඳුකරයේ රැස්වීම් පවා සංවිධානය කළ තොන්ඩමන් ඒ සියල්ල අතැර මුලින්ම පැති මාරුකළේය. ඔහු සී. බී. රත්නායකගේ වාහනයේ නැගී පැමිණ මහින්ද හමුවිය.

අගමැතිත් ඇමැතිවරු කැඳවයි

අනපේක්ෂිත ප්‍රතිඵලය හේතුවෙන් විවිධ කටකතා පැතිර යන්නට විය. එය ආණ්ඩුවේ ප්‍රධාන පාර්ෂවය වූ එජාපය දෙසටද එල්ල විය. එක් පිරිසක් නව නායකත්වයක් සොයන බවටත් පුවත් එහෙන් මෙහෙණ් ඇසිණ. අගමැති රනිල් කඩිනමින්ම සිය පක්ෂයේ ප්‍රබලයින් කොළඹට කැඳවීය. එය ඉතා තීරණාත්මක හමුවක් විය.

අගමැතිවරයා හමුවන විට අමාත්‍යවරු සිටියේ දැඩි ව්‍යාකූලත්වයෙනි. එහෙත් අගමැතිවරයා තුළ එතරම් ව්‍යාකූලත්වයක් තිබුණේ නැත.

මංගල,හරීන්, අකිල, කිරිඇල්ල, එරාන්, නාවින්න, කබීර්, මද්දුමබංඩාර ඇතුළු පිරිසක් ඊට එක් විය. හම්බන්තොට සිටි සජිත්ට නියමිත වේලාවට රැස්වීමට ඒමට නොහැකි විය.

දහයක් එන්න ලෑස්තියි

'ගොඩක් අඩුපාඩු වුණා. හැබැයි අපි ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය කළා' අගමැතිවරයා කතාව පටන්ගත්තේ එහෙමය.

'හැබැයි අපේ කැම්පේන් එකත් හරියට වෙලාවට වුණේ නෑ'

'සමහරු කියනවා බැඳුම්කරය මේකට හේතු වුණා කියලා'
ඇමැතිවරයෙක් කීය.

'ඒත් ඒක නෙවේ ඇත්ත. අපි එකිනෙකාට චෝදනා කරගත්තා. සාමුහිකත්වය කැඩුණා'
තවත් අයෙක් කීය.

'අපිට දැන් තීන්දුවක් ගන්න පුලුවන්'
අගමැතිවරයා තීරණාත්මකව කීවේය.

'කාටවත් ඕන ඕන විදිහට නියමිත කාලෙකට ලැබුණ ජනවරම එක්ක නාඩගම් නටන්න බෑ. අපි තනි ආණ්ඩුවක් හදමු'
ඇමතිවරු සියල්ලෝම වාගේ කීවේ එහෙමය.

අගමැති ජනපති හමුව

අගමැති ජනපති හමුවන්නට ගියේ සිය පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගේ තීන්දුවත් හිතේ තියාගෙනමය. මැතිවරණයට පෙර 'ජයග්‍රහණය' වෙනුවෙන් වෙන්ව තරඟ කළ නායකයින් දෙදෙනා එකිනෙකා හමුවූයේ පරාජයේ තැවුල සමඟය. ජනාධිපතිවරයා ඉතා සුහදව අගමැතිවරයා පිළිගත්තේය.

'මොකක්ද මින් ඉදිරියට කරන්නේ?'
ජනපති විමසුවේය.

'තනි ආණ්ඩුවක් හදමු කියලා අපේ අය කියනවා' අගමැති කීවේය.

ජනාධිපතිවරයා මොහොතක් නිහඬ විය. සිහින් හුස්මක් ගත්තේය.

'අපිට එකතුවෙලා යන්න බැරිකමක් නෑ. අපි එකට වැඩ කරපු අය'
ජනාධිපතිවරයා කීය.

'එහෙම නම් මොකක්ද කරන්නේ?'

'අපි ආයතන සීයක සංහිඳියා පුංචි ආණ්ඩු හදමු, යන අයට මම යන්න කීවා, අපි එක ගමනක් රට වෙනුවෙන් යමු'
ජනපති කීවේය.

(රංජිත් කුමාර සමරකෝන්)
www.resa.lk

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දෙන් පස්සේ තිරය පිටුපස කතා.
ඡන්දෙන් පස්සේ තිරය පිටුපස කතා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAzGOwzJjDGBrnpxYhNvkULUTUrD2kd3-nYXnYRe_9VffAxVA8_cy7j-1ZKProZgLmQWm2i3zNuaSFS6NUTXXV6mnSUgTXfvrg7QkzVZ0nOCFCzpp3L1jvD7OLMYkFeHVvzUTY_XSK4JOA/s1600/maithripala-sirisena-with-ranil-wickremasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAzGOwzJjDGBrnpxYhNvkULUTUrD2kd3-nYXnYRe_9VffAxVA8_cy7j-1ZKProZgLmQWm2i3zNuaSFS6NUTXXV6mnSUgTXfvrg7QkzVZ0nOCFCzpp3L1jvD7OLMYkFeHVvzUTY_XSK4JOA/s72-c/maithripala-sirisena-with-ranil-wickremasinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_913.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_913.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy