සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ගත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත...
සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ගත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
2018 වසරේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) සිදු කෙරිනි. මෙහිදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සේවක සේවිකාවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“2015, 2016, 2017 යන වසර වල දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල කැප කිරීමක් ඔබ විසින් සිදු කර තිබෙනවා. ඊට වඩා කැප කිරීමක් 2018 වසරේ දී සිදු කිරීමට ඔබට සිදු වෙනවා. සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා තීන්දු තීරණ රැසක් ගෙන ඇතත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙනවා. තීන්දු තීරණ වේගවත්ව ක්‍රියාත්මක කළ යුතුයි. ලංකාවේ රාජ්‍ය සේවාව වේගවත් විය යුතුයි. වෛද්‍ය පරිපාලක තනතුරු 80 දශකයේ ලබාගත්තේ සටන් ජයග්‍රහණයකින් පසුවයි. එහිදී අපේ අවධානය යොමු වුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුම තිබෙන නිලධාරින් එම තනතුරුවලට පත් කළ යුතු බවයි. එම වෛද්‍ය විද්‍යා දැනුමෙන් ජනතාවට සේවය කළ යුතුයි. ඥානය හොදින් මෙහෙය වන්න. එමගින් ගැටලු විසදා ගත හැකියි. කඩිනමින් තම විෂයට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න. මම සෞඛ්‍යට අදාල තීන්දු තීරණ ගන්නේ සාකච්ඡා මාර්ගයෙන්. තනියෙන් තීන්දු තීරණ ගන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන නිලධාරීන් ද තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි. 2016 වසරේ ගත් ඇතැම් තීන්දු මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. එම තීන්දු 2018 වසරේදීවත් ක්‍රියාත්මක කරන්න.”
“පෞද්ගලික අංශයේ තීන්දුවක් ගත් විට එය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. අපි තීන්දු තීරණ ගන්නේ රෝගීන් වෙනුවෙන්. එම තින්දු ක්‍රියාත්මක කිරීම විශාල පුන්‍යකර්මයක්. ප්‍රමාද කලාම රෝගීන් අසරණ වෙනවා. පුණ්‍යකර්මයක් කලාම දෙවියොත් හොදට සළකනවා. තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ලිපිගොනු වලට කොටුවෙන්න එපා. ලිපිගොනු වලින් රටක් හදන්න බැහැ. ලිපි ගොනු නොමැතිව රට හදන්න පුලුවන්. සෘජු නායකත්වය ගන්න. රෝගීන්ට සළකන්න. උදව් කරන්න. නිරෝගී බව ලබාදෙන්න. ජිවිත වෙනසකට ලක් කරන්න. සෑම වළාකුලක් යටින් ම රිදී රේඛාවක් තියෙනවා. දුම්රිය සේවක වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුනා. එහි ප්‍රශ්නය විසදන්න අමාත්‍ය අනුකමිටුවක් පත් කළා. එම කමිටු රැස්වීමේ දී මම යෝජනා කළා සෞඛ්‍ය, අධ්‍යාපනය, දුම්රිය හා තැපෑල සංවෘත සේවාවක් කළ යුතු බවට. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. එම යෝජනාව 2018 වසරේ සිට ක්‍රියාත්මක වෙයි.”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS