මුස්ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර දහසක් ලබා දෙන මෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධ...
මුස්ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර දහසක් ලබා දෙන මෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කල ඉල්ලීමක් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපියක් මගින් කල ඉල්ලීමේ සදහන්ව ඇත්තේ යුද්ධයට පෙර මුස්ලිම් වැසියන් මුලතිව් දිස්ත්‍රික්කය තුල පදිංචිව සිට එම පළාත් අතහැර ගියේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් ඔවුන්ව පලවා හරින ලද නිසා බවයි.
මේ වන විට එම පවුල් සදහාත් ඔවුන්ගෙන් බිහිවුණු නව පරම්පරාව සදහාත් මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඉඩම් අවශ්‍ය බවත් එවැනි පවුල් 780 ක් දැනට හදුණාගෙන අති නිසා ඔවුන්ට පදිංචි වීම පිණිසත් ඔවුන්ගේ පොදු කටයුතු සදහාත් ඉඩම් අක්කර 1000 ක් මුලතිව් පළාතෙන් අවශ්‍ය බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
යුද සමයේදී ඉඩම් අහිමි වූ මුලතිව් දිස්ත්‍රික්කයේ කලින් පදිංචිව සිටි පිරිස දැනට පුත්තලමේ හා තවත් ප්‍රදේශ කීපයක තාවකාලිකව පදිංචිව සිටින බව අමාත්‍යවරයා පෙන්වා දී ඇතත් අමාත්‍යවරයාගේ එම ඉල්ලීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කිසිදු හේතුවක් නොදක්වමින් ප්‍රතික්ෂේප කොට තිබේ.
අවම වශයෙන් රිෂාඩ් අමාත්‍යවරයගේ එම ඉල්ලීමට ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිළිතුරු ලිපියක් හෝ යවා නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය සදහන් කරයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS