දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොහැකි වූ සියලු දේ මේ වසරේදී ලබා ගන්න විග්නේෂ්වරන් සූදානම්
Homeප්‍රවෘත්ති

නොහැකි වූ සියලු දේ මේ වසරේදී ලබා ගන්න විග්නේෂ්වරන් සූදානම්

PropellerAds

මෙවර පළාත් සභාව 5වන වසරට පය තබන අතර මෙහි කාලසීමාව අවසන් වීමට ඇත්තේ තව මාස කිහිපයක් බවත් එබැවින් පසුගිය වසර වලදී ලබා ගැනීමට නොහැකි වූ සියලු...

දළදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී!
නීතිපති උපදෙස් අවශ්‍ය නෑ! ඩයනාගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් වාර්තා ‌අරගන්නැයි අධිකරණයෙන් CIDයට කියයි!
දළදා වහන්සේට කළ අපහාසය නිසා මැතිසබේ උණුසුම්! සේපාල අමරසිංහට කරනදේ ඇමති විජයදාස කියයි (VIDEO)
නොහැකි වූ සියලු දේ මේ වසරේදී ලබා ගන්න විග්නේෂ්වරන් සූදානම්

මෙවර පළාත් සභාව 5වන වසරට පය තබන අතර මෙහි කාලසීමාව අවසන් වීමට ඇත්තේ තව මාස කිහිපයක් බවත් එබැවින් පසුගිය වසර වලදී ලබා ගැනීමට නොහැකි වූ සියලු දේ මෙම වර්ෂය තුළදී ලබා දීමට කටයුතු කරන මෙන් ආණ්ඩුකාරතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(08) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලීය නව අවුරුදු සැමරුම් අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ප්‍රධාන අමාත්‍යවරයා,

නව වසර හා නව ආණ්ඩුව අතර විශාල බැඳීමක් දක්නට ලැබෙනවා. එනම් වසරක ආරම්භය හොදින් පවතිනවා. කාලය ගතවෙන්න වෙන්න විවිධ ගැටළු මතුවෙනවා. ඒවගේම ආණ්ඩුවක් ආරම්භ වන විට හොඳ ආරම්භයක් සනිටුහන් කරනවා. එහෙත් ඒ අතරතුර විවිධ ගැටළු වලට මුහුණපෑමට සිදු වන නිසාත් මහජනතාවගේ විවිධ විමර්ශන වලට ලක් වන නිසාත් ඔවුන්ට ආරම්භයේ සිටි ආකාරයටම දිගින් දිගටම කටයුතු කිරීමට අපහසු වෙනවා.

එමෙන්ම මෙවර පළාත් සභාව 5වන වසරට පය තබන අතර මෙහි කාලසීමාව අවසන් වීමට ඇත්තේ තව මාස කිහිපයකි. එබැවින් පසුගිය වසර වලදී ලබා ගැනීමට නොහැකි වූ සියලු දේ මෙම වර්ෂය තුළදී ලබා දීමට කටයුතු කරන මෙන් ගරු ආණ්ඩුකාරතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රධාන අමාත්‍ය අරමුදල මේ වසරේ හෝ ලබා දෙන්නේ නම් මම ස්තූතිවන්ත වෙනවා. ලේකම්වරුන්ගේ මාරුවීම් පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. නව වසරේ  ප්‍රථමයෙන්ම සියලු සර්වාගමික නායකවරුන්ගේ ආශිර්වාදය ලබාගත් අපහට 2018 වර්ෂය පුරාවටම ඔබ සියලුදෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටුවන සාමය සතුට පිරි සුභ නව වසරක් වේවායැයි ප්‍රාර්ථනා කරමි.  

මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා,

“නව වසරේ සිතේ නව සිතුවිලි ඇති කරමින් අප මුහුණ දෙන සියලුම ගැටළු වලට විසඳුම් සෙවිය යුතුයි. නව සිතුවිලි සිතේ ඇති කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයකි. අපේ රටේ අපේ දේශයේ පවතින ගැටළු වලට විසඳුම් සෙවීමේදී පරණ සිද්ධාන්ත වලට පිටින් කටයුතු කළ යුතුයි. අපේ සිතුවිලි සියල්ල නව මාවතක ගමන් කළ යුතුයි. අපි එක්සත්භාවය සාමය පිළිබඳ කතා කරනවා. ඒවා ප්‍රදර්ශනය කරනවා. එහෙත් මේ කිසිවක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නෑ.

මා මේ මොහොතේ දී මතක් කිරීමට කැමතියි මාගේ පෙර මිතුරෙක් මාක්ස්වාදියෙක් හිටියා. ඔහු වතාවක් මට කිව්වා දවසක් ඔහුට සිගමන් යදින පුද්ගලයෙකු හමු වූ බවත් ඔහු මාගෙන් සත දහයක් ඉල්ලූ බවත් එවිට මා එය දිය නොහැකි බව පවසමින් අපේ මාක්ස්වාදයට එක්වී නව වෙනස්වීම් වෙනුවෙන් සටන් කරමු කියා පැවසුවා. එහෙත් අපි දුප්පතුන් උදව් ඉල්ලන විට ක්ෂණිකව උදව් කළ යුතුයි. අසරණ ජනතාවගේ ඉල්ලීම් සපුරා දිය හැකි අන්දමින් අප වැඩ කළ යුතුයි. අසරණ තත්වයක සිටින ජනතාවට උදව් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ලංකාවේ මෙන්ම ලෝකය පුරා සිටින ජනතාවට එනම් සිංහල ජනතාවට පමණක් නොව, දෙමළ  ජනතාවට පමණක් නොව, මුස්ලීම් ජනතාවට පමණක් නොව සියලු ජනතාවට  සතුට සාමය සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ඔබ දන්නවා උතුරු පළාත් සභාව අවසන් වීමට ඇත්තේ තව වසරකට අඩු කාලයක්.ඉදිරි කාලයේදී මහජනතාවගේ යහපත පිණිස අප සියලුදෙනා කටයුතු කළ යුතුයි. මධ්‍යම රජය හා පළාත් සභාව අතර පවතින සහයෝගිතාවය රටේ සංවර්ධනයට පිටිවහලක්. මහජනතාවට යහපතක් සලසන්නට නම් එම සහයෝගිතාවය සැමදා රඳා පැවතිය යුතුයි.  මම ඔනෑම මෙහොතක පළාත් සභාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටිනවා.පළාත් සභාවල සියලුම මන්ත්‍රිවරුන්ට සියලුම අමාත්‍යවරුන්ට තම ප්‍රදේශයේ ජනතාවට සේවයක් කිරීමට මාගේ සහය ලබා දෙනවා.

මෙම අවස්ථාවට සිසු දරුවන්ද පැමිණ සිටිනවා. ගණිත අංශයෙන් එක් දරුවෙක් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. ඇත්තටම මා ඒ ගැන සතුටු වෙනවා. උතුරු පළාතේ ඇති ගැටළු වලට හොඳම විසඳුම  අධ්‍යාපනයයි.“ යැයිද ඔහු පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොහැකි වූ සියලු දේ මේ වසරේදී ලබා ගන්න විග්නේෂ්වරන් සූදානම්
නොහැකි වූ සියලු දේ මේ වසරේදී ලබා ගන්න විග්නේෂ්වරන් සූදානම්
http://ift.tt/2FemqaB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy