බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ සේපාල අමරසිංහ නැමැත්තා පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන...
බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ සේපාල අමරසිංහ නැමැත්තා පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද(05) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

එම අවස්ථාවේදී අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ සුදු රැවුල වාවාගත් එක් එක් දේශපාලන පක්ෂ වලට කඩේ යන තුප්පහි මොලේ අමාරුකාරයෝ සමාජ මාධ්‍ය තුල සිටින බවත් ඒ අය දළදා හාමුදුරුවන්ට අසභ්‍ය වචනයෙන් අපහාස කරන බවත්ය.
දළදා හාමුදුරුවන් විශ්වාස නොකරන අයට එසේ විශ්වාස නොකර සිටිය හැකි බවත් විශ්වාස කරන අයගේ හිත රිද්දන්න අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඒ නිසා මේ අමනුෂ්‍ය ප්‍රවණතාවයට වැඩෙන්න ඉඩ දිය යුතු නොමැති බවත් ඊට එරෙහිව වහා පියවර ගත යුතු බවත් ඔහු කියා සිටියා.
අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ ආගමික ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කරන මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි මල්වතු , අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබුණා.
එමඟින් පෙන්වා දී ඇත්තේ බෞද්ධයාගේ සිත් පෑරෙන අයුරින් අදාළ පුද්ගලයා බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවයි.
සේපාල් අමරසිංහ නැමති පුද්ගලයෙක් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළඳා වහන්සේට නිගරු වන අයුරින් ප්‍රකාශයක් සිදුකර තිබුණා.
සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරමින් කියා සිටියේ මෙමගින් රටේ සංහිඳියාව බිඳ දැමීමට හිතාමතා කටයුතු කර ඇති බවයි.
එමෙන්ම බෞද්ධාගමට හා ශ්‍රී දළඳා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා කෝට්ටේ ශ්‍රී නාග විහාරවාසී පූජ්‍ය කොටහේනේ නාරද හිමි සහ සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ(04) පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

COMMENTS