ජනවාරි මස 26 වෙනිදා සිට දින තුනක් තිස්සේ යාපනයේ පැවැත්වෙන වෙළෙද ප්‍රදර්ශනය උතුරු පළාත් සභාව විසින් වර්ජනය කල යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ...
ජනවාරි මස 26 වෙනිදා සිට දින තුනක් තිස්සේ යාපනයේ පැවැත්වෙන වෙළෙද ප්‍රදර්ශනය උතුරු පළාත් සභාව විසින් වර්ජනය කල යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ කාන්තා හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය පෙරේදා (23) යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
මෙම වෙළෙද ප්‍රදර්ශනය හුදෙක්ම කොළඹ පිහිටි සමාගම් වල වුවමනාව හා අපේක්ෂාව මත පමණක් සිදු කරන ප්‍රදර්ශනයක් බවත් ඉන් සිදුවන්නේ එම සමාගම් විසින් උතුරේ ජනතාවගේ මුදල් සූරාගෙන කෑමක් බවත් අමාත්‍යවරිය පවසා තිබේ.
යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළෙද ප්‍රදර්ශනය සදහා මූලික සාකච්ඡා පවා පැවැත්වෙන්නේ කොළඹදී බව සදහන් කරණ ආනන්දි සෂිහරන් අමාත්‍යවරිය ඒ තුළින් පෙනී යන්නේ මෙම වෙළෙද ප්‍රදර්ශනය යාපනයේ හෝ උතුරේ ජනතාවට අවශ්‍ය නොවන ප්‍රදර්ශනයක් බවයි.
යාපනයේ පැවැත්වෙන මෙම වෙළෙද ප්‍රදර්ශනයට වැඩි වශයෙන්ම සහභාගි වන්නේ ඉන්දියාවේ බහුජාතික සමාගම් බව පෙන්වා දෙන අමාත්‍යවරිය ඉන්දියාවට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නය විසදීමට කිසිදු උවමනාවක් හෝ උන්නදුවක් නොමැති පරිසරයක් තුළ උතුරු පළාත් සභාව එම ප්‍රදර්ශනයට සහය දීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පවසා ඇත.
මේ නිසා යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළෙද ප්‍රදර්ශනය වර්ජනය කරණ මෙන් තමන් උතුරු පළාත් සභාවට පවසා ඇති බවද ඇය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියාය.
යාපනයේ ජාත්‍යන්තර වෙළෙද ප්‍රදර්ශනය ජනවාරි මස 26,27 හා 28 යන දිනවලදී යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS