දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිස්සමහාරාමයේ දැරිය කෙළසුවේ සජිත්ගේ ගෝලයන්?
Homeගොසිප්

තිස්සමහාරාමයේ දැරිය කෙළසුවේ සජිත්ගේ ගෝලයන්?

PropellerAds

(ලංකා ට්‍රුත් වෙබ්අඩවියේ වාර්තාවකි) තිස්සමහාරාම කෝන්වැලෑන ග්‍රාමනිලධාරී වසමේ පසුගිය 09වනදා සිදුව තිබෙන සමූහ දූෂණයට සම්බන්ද තරුණයන් තිදෙනා...

කටුබැද්ද කැම්පස් බිල්ඩිමේ මේසන් බාස් ගෝලයාට මිටියෙන් ගහලා මරලා
රත්මලාන කුලී කාමරේ තරුණයාගේ අනියම් බිරිය බෙල්ල කපා පැන ගිහින්
ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම්

(ලංකා ට්‍රුත් වෙබ්අඩවියේ වාර්තාවකි)

තිස්සමහාරාම කෝන්වැලෑන ග්‍රාමනිලධාරී වසමේ පසුගිය 09වනදා සිදුව තිබෙන සමූහ දූෂණයට සම්බන්ද තරුණයන් තිදෙනා එක්සත් ජාතික පක්ෂයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂකයන් විසින් සිය මැතිවරන ප්‍රචාරක කටයුතු සඳහා සෘජුවම දායකකරගත් තිදෙනෙකු බව වාර්තා වේ.

මෙම තරුණයන් තිදෙනා විසින් කෙළසා දැමූ 14 හැවිරිදි බාලවයස්‌කාර දැරිය ගෙලවැලලාගෙන සියදිවි නසාගැනීමට සූදානම්වුවද එය ව්‍යාර්ත කර ඇය රෝහල්ගත කිරීමට ඥාතීන්ට හා ප්‍රදේශවාසීන්ට හැකි වුවත් දින 5ක් පුරා හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද ඇය පසුගිය 15වනදා ජීවිතක්ෂයට පත්විය.

දූෂණයට ලක්‌වූ දැරිය රෝහල් ගතකිරීමෙන් පසු දැරිය දූෂණයට ලක්‌ කළ තිස්‌සමහාරාම ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනා 11 වැනි දින අලුයම යාල රක්‌ෂිතයේ සැඟව සිටියදී ගම්වාසීන් විසින් සොයාගෙන වීරවිල පොලිසියට භාරදී තිබේ. පොලිසිය සැකකරුවන් තිදෙනා තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත. බන්ධනාගාර ගත කෙරුණු තරුණයෝ තිදෙනා ගම්වාසීන්ගේ පහරකෑමට ලක්‌වීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව යටතේ ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර සිටිති.

මේ වනවිට අනාවරණය වන කරුණු අනුව පසුගිය 09වනදා සන්ද්‍යාවේ ඇගේ පෙම්වතා වන ඊ.ඩී රොෂාන් ඩිලාන ඔහුගේ මිතුරෙකු වන ජී.ජී. ලහිරු ප්‍රසන්න සහ තවත් මිතුරෙකු එක්ව තරුණියගේ නිවස අසළ මත්පැන් පානය කර ඇත. එහි මත්පැන් පානය කර සිටි මෙම තරුණයන් තිදෙනා දැරියගේ නිවස අසලට ගොස්‌ ඇය නිවසින් එළියට ගෙන්වාගෙන වෙනත් තැනකට රැගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර තිබේ. පසුව දූෂණයට ලක්‌වූ බාලවයස්‌කාරිය නැවත 10වනදා අලුයම නිවසට ගෙනත් දමා ඇත.

මෙහි නම් සඳහන් ජී.ජී. ලහිරු ප්‍රසන්න නම් තරුණයාගේ පියා ජයසිරි වන අතර ඔවුන් ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෝ වෙති. එක්සත් ජාතික පක්ෂයට මාගම කොට්ඨාසයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය දමා ඇත්තේද මෙම ජී.ජී. ලහිරු ප්‍රසන්නගේ නිවසේ වන අතර නව යොවුන් වියේ පසුවන මෙම තරුණයන් තිදෙනාට මත්පැන් ලැබී ඇත්තේද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගෙන්ම බවද පැවසේ. ඔහු නිතර සිය ආධාරකරුවන්ට මත්පැන් සංග්‍රහයන් ලබා දෙන බවත් පැවසේ.

මෙම දැරියගේ නිවසට පෙරේදා (16) පැමිණ ඇති නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයත් ඔහුගේ අපේක්ෂකයාත් මෙම අපරාධයට සම්බන්ධ නැතැයි පවසමින් රුපියල් 25,000ක මුදලක් එම දැරියගේ ඥාතීන් වෙත ලබාදී ඇත.

කෙසේ නමුත් මේ වනවිට ප්‍රදේශය පුරා කළු කොඩි ඔසවා ඇති අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ප්‍රචාරක කාර්යාලයද ගලවා ඉවත් කර තිබේ. එම අපේක්ෂකයාට ප්‍රදේශයෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේ ඔහු සැඟවී සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ විශ්ලේෂකයන් පවසන්නේ නව යොවුන්වියේ තරුණයන් පුළුල් අරමුණක් වෙනුවෙන් දැනුමින් සන්නද්ධ කරනවා වෙනුවට තම පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මත්පැනට ලොල් කිරීමෙන් නව පරපුර අත්විඳින ඛෙදවාචකය මෙම සිදුවීමෙන් පිළිබිඹු කරන බවත් මෙවන් අපේක්ෂකයන් කුමන පක්ෂයකින් වුවද බලයට ගෙනඒම වැලැක්විය යුතු බවත්ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිස්සමහාරාමයේ දැරිය කෙළසුවේ සජිත්ගේ ගෝලයන්?
තිස්සමහාරාමයේ දැරිය කෙළසුවේ සජිත්ගේ ගෝලයන්?
http://ift.tt/2mJ2SCJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_544.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_544.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy