මුදල් අමාත්‍යංශය විසින් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සම්බන්ධයෙන් සහ මත්පැන් අලෙවියට කාන්තාවන්ට ඉඩ ලබා දීම පිළිබඳව ගෙන ආ යෝජනා ඇත...
මුදල් අමාත්‍යංශය විසින් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සම්බන්ධයෙන් සහ මත්පැන් අලෙවියට කාන්තාවන්ට ඉඩ ලබා දීම පිළිබඳව ගෙන ආ යෝජනා ඇතුළත් ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී මෙම තිරණය ගත් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවෙන් උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වා සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යංශය පසුගියදා තීරණය කළේය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගලවත්තේ පැවති එජනිස ප්‍රචාරක රැළියක් අමතමින් ප්‍රකාශ කළේ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් ආණ්ඩුව විසින් ජනවාරි 10 බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බවයි.
මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන බව නිවේදනය කර තිබුණේ මුදල් ඇමති මංගල සමරවීර විසිනි.
COMMENTS