පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කොට ඇති නඩුව ලබන ජූනි 07 වෙනිදා යළි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනි...
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කොට ඇති නඩුව ලබන ජූනි 07 වෙනිදා යළි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද (26) නියෝග කළේය.
ඒ, 2015 වසරේ දෙසැම්බර් 21 වෙනිදා තරුණයෙකුට පහරදී ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද චෝදනා මතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සෙසු විත්තිකරුවන් 08 දෙනා එම චෝදනාවට වරද පිළිගත් බැවින් ඔවුනට මීට පෙර අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කරන ලදී. එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදි කාරිය බව හේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ ඇයට එරෙහි නඩු විභාගය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මහාධිකරණය තීරණය කොට ඇත.
වරද පිළිගත් සෙසු විත්තිකරුවන් 08 දෙනාගෙන් 06 දෙනෙකුම අද (26) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් එම වින්දිත තරුණයාට හිමි වන්දි මුදල් සහ දඩ මුදල් අද (26) අධිකරණයේ දී ගෙවා නිම කළ අතර ඉතිරි විත්තිකරුවන් දෙදෙනා මාර්තු 04 වෙනිදා එම මුදල් ගෙවීමට පොරොන්දු වූහ.
ඉන්පසු මුදල් ගෙවූ විත්තිකරුවන් 06 දෙනා ඉදිරි අධිකරණ කටයුතුවලින් ඉවත් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
COMMENTS