මාලඹේ - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේදී සිදු කළ සැත්කමක් අතරතුර මරණයට පත් කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(24) දින සි...
මාලඹේ - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේදී සිදු කළ සැත්කමක් අතරතුර මරණයට පත් කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(24) දින සිදු කෙරුණු අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දීමට කොළඹ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.පී.ඒ.හේවගේ මහතා කටයුතු කළේය.
මෙම මරණයට හේතුව තවදුරටත් විමර්ශනයකට යටත් විය යුතු බව එහිදී හේවගේ මහතා සිය වාර්තාවේ සඳහන් කර තිබේ. දෙල්ගොඩ අහුගම්මන පදිංචිව සිටි 35 හැවිරිදි ඉරේෂා මධුමාලි ජීවන්දර පසුගිය 21දා ගර්භාෂයේ ඇති වූ ගැටිති කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට පැමිණි අතර එහිදී ඇයව ශල්‍යකර්මයකට ලක් කිරීම අත්‍යවශ්‍ය බවට ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඥාතීන්ට පවසා තිබුණි.
සැත්කමින් පසුව ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයකින් පසුවන ඇය පසුව මරණයට පත්විය. මේම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කර ඇති අතර මාළඹේ නෙවිල් ප්රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු මගපෙන්වීමකින් තොරව පවත්වාගෙන යන්නක් බව එහි සඳහන් කර තිබේ.
එම නිවේදනය පහත පරිදි වෙයි,
මාලඹේ නෙවිල් ප්රනාන්දු රෝහල තුළ පෙරේදා (23) දිනයේ සිදු වු සැක කටයුතු මරණයත් සමඟම රෝහලේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී ඇති බව අප වෙත වාර්තා වී ඇත.ආරම්භයේ සිටම මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි මඟපෙන්වීමක් නොමැතිව පවත්වාගෙන යන මෙම රෝහලේ ප‍්‍රතිකාර සේවා තුළින් අහිංසක ජීවිතවලට හානි සිදුවීම් පිළිබඳ චෝදනා එල්ල වුයේ වරක් දෙවරක් නොවේ.
ඒ සිදුවීම් සඳහා ජනමාධ්‍ය තුළින්ද ප‍්‍රසිද්ධියක් ලබා දුන් නමුත් අවසානයේදී එම සිදුවීම සඳහා සාධාරණත්වයක් ඉටුවුයේද යන්න ප‍්‍රශ්නාර්ථයකි.මෑත කාලීනව ආන්දෝලනාත්ම ක සිදුවීමක්වු තාජුඩින් ඝාතනයේ අස්ථි කොටස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම රෝහල හා බැදුණු සයිටම් ආයතනය වැටලුවද එහි ප‍්‍රතිඵල පවා නිසි ආකාරව මහජනයා වෙත සන්නිවේදනය වී, ආයතනයට දඩුවම් ලබාදීමක් මේ වන තුරු සිදු වී නැත.
ඊයේ දිනයේ සිදු වු සිදුවීම සිදු වුයේ මෙවන් පසුබිමකය.අප වෙත වාර්තා වන පරිදි උදරය ආශ‍්‍රීත රෝග තත්ත්වයක් සඳහා රෝහල් ගත වු දොම්පේ ප‍්‍රදේශයට අයත් මෑතකදී විවාහපත් වු කාන්තාවක ශල්‍යාගාරය වෙත යොමු කොට සිදු කළ ශල්‍යකර්මය නිසා අවසානයේ ඇයට ජීවිතය අහිමි වී ඇත.
ඇත්ත වශයෙන්ම ඇයට මෙවන් ශල්‍යකර්මයක් කිරීමේ අවශ්‍යතාවයක් තිබුනේද යන්න පිළිබඳවත්, ඉන් පසු සිදුවී ඇතැයි කියන සිද්ධිදාමය පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවත් වහාම තාක්ෂණික මට්ටමේ පරීක්ෂණයක් සිදු කළ යුතුය. එම රෝගියාගේ ඥාතින්ගේ පැමිණිල්ලට අනුව පොලීසිය හා අපරාධ පරීක්ෂණ අංශය අදාළ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුය.
වඩාත් කණගාටුදායක කරුණ නම් රෝගියා මියගිය පසුවත් රුපියල් 150 000කට අධික රෝහල් බිල මළ සිරුර නිදහස් කිරීමට පෙර ගෙවන ලෙස නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ බලධාරීන් විසින් රෝගියාගේ ඥාතින්ට බලපෑම් කිරීමයි. මෙවන් සදාචාර සම්පන්නභාවය පිළිබඳ අංශු මාත‍්‍රයකවත් තැකීමක් නොකරන ගැටළුකාරී ආයතනයක් තුළින් ලබන පුහුණුව හරහා ගුණාත්මක වෛද්‍යවරයෙකු බිහිවනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැක.
ශ‍්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය නියාමනය කිරීම සඳහාත්, රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් පිහිටුවා ඇති ශ‍්‍රීලංකා වෛද්‍ය සභාව මෙම ආයතනයටත්, එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ටත් ප‍්‍රමිතිය පිළිබඳ බරපතළ ගැටළු හේතුවෙන් පිළිගැනීමක් ලබා නොදීම මෙවන් සිදුවීම් හරහා නැවත නැවතත් සාධාරණීයකරණයට ලක්වන බව අපගේ හැඟිමයි.
COMMENTS