කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම හා මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම තහනම් කරමින් පනවා තිබු නීති ඉවත් කරමින්, රජය විසින් නිකුත් කල ගැසට් නි...
කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම හා මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම තහනම් කරමින් පනවා තිබු නීති ඉවත් කරමින්, රජය විසින් නිකුත් කල ගැසට් නිවේදනය අවලංගු කර අද (16) තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ජනාධිපතිවරයා විසින් ඊයේ දින සිදුකර ඇති ලිඛිත නියෝගයකට අනුව පෙර ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කරන බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසිය.
එසේ අවලංගු කිරීමට යන්නේ, වසර 60 අධික කාලයක් කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම වළකාලමින් පනවා තිබු තහනම ඉවත්කරමින් සුරාබදු ආඥා පනත යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා නිකුත්කළ විශේෂ ගැසට් නිවේදනයයි.
මුදල් ඇමතිවරයා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස තමා මුදල් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙස්දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (14) පස්වරුවේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප ජනහමුවක් අමතමින් පැවසීය. ඒ, මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටියදීය.
''අද ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සමග ඉතා පැහැදිලි පාලනයක් රට තුළ ඇතිවී තිබෙන බව එම රැලියේදී පැවසු ජනාධිපතිවරයා, එම නිදහස භුක්තිවිදීම මනුෂ්‍යත්වය තුළ සිදුවිය යුතු බවත් ඇතැම් අය එම නිදහස අහිමි කිරීමට අද මාර්ග සකසමින් සිටින බවත් කියා සිටියේය.
COMMENTS