පෙරේදා අගමැතිතුමා ජාතිය ඇමතුවා, ඊයේ ජාතිය අගමැතිතුමා ඇමතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි. ඒ ඊයේ (21) පැවති ජන හමුවකට එ...
පෙරේදා අගමැතිතුමා ජාතිය ඇමතුවා, ඊයේ ජාතිය අගමැතිතුමා ඇමතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (21) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අවුරුදු 2ක් මේ රට පාලනය කළා. අන්තිමට ජනාධිපති අගමැතිගේ හොරකම් හොයනවා. අගමැති ජනාධිපතිගේ හොරකම් හොයනවා. දෙන්නට දෙන්නා අවුරුදු 3 කරපු හොරකම් මොනවද කියලා හොය හොය ඉන්නවා ඇරෙන්න මේ රටට කොරපු කෙන්ගෙඩියක් නැහැ. නහයෙන් අඩන එක විතරයි කරන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වෙච්ච වෙලාවේ මේ ජෝඩුව ආවනම් රට එහෙනම් නැත්තටම නැති වෙලා. පෙරේදා අගමැතිතුමා ජාතිය ඇමතුවා, ඊයේ ජාතිය අගමැතිතුමා ඇමතුවා. බස් එකේ, දුම්රියේ, මහ මඟ, කඩ පිලේ ජාතිය අගමැතිතුමාව ඇමතුවා. පට්ට හොරු ටික අතේ මාට්ටු. නැට්ටේ හිටන් ගොම. කොමිසන් සභා වාර්තාවක් ගැන කියාගෙන ජනාධිපතිතුමා බොහොම උජාරුවෙන් රට වටේ යනවා. පාර්ලිමේන්තුවට දීලා හැබැයි පිටු 2100ක් ඒකෙ නැහැ. ජනාධිපතිතුමනි කොමිසන් සභාව තමන්ට දීපු මුළු වාර්තාවම පාර්ලිමේන්තුවට නොදෙන්නේ ඇයි?”
COMMENTS