දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම උදෑසන හා රාත්‍රී සීත කා...
දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම උදෑසන හා රාත්‍රී සීත කාලයන් අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත වූ බවත් සඳහන් වෙයි.
මල්තුහින පතිත වීමත් සමග නුවරඑලිය ප්‍රදේශයේ එළවලු වගාවට මෙන්ම තේ වගාවටද දැඩි බලපෑමක් එල්ල වන බවද ගොවීන් හා වතු අධිකාරිවරුන් පවසති.
නුවරඑළියට මල්තුහින පතිත වන කාලයේ දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් සෑම වසරකම නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමට පුරුදුව සිටියි.
COMMENTS