දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ගෑනුන්ට මොන අරක්කුද ඩෝ..!' : ලෞකික ආතල් කඩන ලෝකෝත්තර ගැට.
Homeගොසිප්

'ගෑනුන්ට මොන අරක්කුද ඩෝ..!' : ලෞකික ආතල් කඩන ලෝකෝත්තර ගැට.

PropellerAds

ඩයෝජිනිස් කියන්නේ අතීත ග්‍රීසියේ සිටි එක් දාර්ශනිකයෙක්ය. ඔහුව හැඳින්වුයේ සුනඛයා යන අන්වර්ථ නාමයෙන්ය. ඔහුගේ දර්ශනය නරුමවාදය නම් විය. ඔහු ව...

Mark Samson's Funeral
තෙවරප්පෙරුම සරමක් අතේ තියන් (බදාදා කාටූන්)
මාර්තු මාසයේ නෙළුම් කුළුණ විවෘත කල පසුව ටීවී චැනල් 50 ක් රේඩියෝ 50 ක් එහි සිට

ඩයෝජිනිස් කියන්නේ අතීත ග්‍රීසියේ සිටි එක් දාර්ශනිකයෙක්ය. ඔහුව හැඳින්වුයේ සුනඛයා යන අන්වර්ථ නාමයෙන්ය. ඔහුගේ දර්ශනය නරුමවාදය නම් විය. ඔහු වීදි දිගේ ඇවිද ගියේ නිරුවතින්ය. ලන්තෑරුමක් අතැතිව ඒ ඇවිදගියේ සත්ගුණවත් මිනිසුන් සොයාය. එහෙත් ඔහු සිතන අන්දමේ සත්ගුණවත් මිනිසුන් ඔහුට මුණගැසී නැත. එනිසා ඔහු මළපහ කළේ එළිපිට ය. නිදාගත්තේ වෙළඳපොලේ වූ බැරලයක් තුළ වකුටු ගැසීය. සත්ගුණ මාර්ගයෙන් බැහැර වූවන් ලෙස ඔහු විසින් සැලකු අයට ඔහු බුරා පැන්නේය.

මේ අයුරින් ඩයෝජිනිස් සිහිපත් වුයේ තමන් සිතන නිර්ණායක හරහා සද්ගුණවත් නොවන බවට ප්‍රතිඵල ලබන අයට බුරා පනින පිරිසක් දක්නට ලැබුණු නිසාය.

ඊට ආසන්නතම සිදුවීම වන්නේ සුරාබදු ආඥා පනත වෙනුවෙන් සංශෝධන කිහිපයක් සිදුකිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ක්‍රියා කිරීමය.

ඒ සංශෝධන වුයේ තැබෑරුම් විවෘතව තබන වෙලාව දීර්ඝ කිරීම සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ ඒ ආශ්‍රිත රැකියා කිරීමට තහනම් කල වගන්ති ඉවත් කිරීමය.

ලෙටර් හෙඩ් සංවිධාන

රටේ ආර්ථිකය කාළීනව ප්‍රතිසංස්කරණය කිරීමට අදාලව ගනුලැබූ එම සංශෝධන වලට විරෝධය දක්වන පිරිසේ චෝදනාව වන්නේ මේ හේතුවෙන් සංස්කෘතියට උයියා වන බවය. ඔවුන්ගේ තර්කය වන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගතයුතු ක්‍රියා මාර්ග සංස්කෘතික කොන්දේසි වලට යටත්ව සිදුකළ යුතු බවය.

ඒ වෙනුවෙන් මේ මොහොතේ මාරාන්තික ලෙස විරෝධය පළකරන්නට ගෙන ඇත්තේ ආගමික සංස්ථාවය. එහිද බෝඩ් ලෑලි පවා අහිමි ලෙටර් හෙඩ් හිමි සංවිධානය. මේ වන විටත් ඔවුන් අමාත්‍යවරයාගේ තීන්දුව ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාටද පැමිණිලි කොට ඇත.

රාත්‍රී 9 ට තැබෑරුම් වහලා : නොබී ගිය අය අත උස්සන්න

පැමිණිල්ලේ එක් කොටසක් වන්නේ රාත්‍රී 9ට වසන්නට නියමවූ තැබෑරුම් සඳහා තවත් පැයක් වැඩිපුර ලබාදීම හේතුවෙන් මිනිසුන් වැඩි වැඩියෙන් මත්පැන් වලට යොමුවන බවය. එහෙත් ඒ ගැන කියන්න ඇති සරලම කතාව වන්නේ රාත්‍රී 9න් පසුව බොන්න අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා එනම් මිල වැඩි BLACK MARKET මීට පෙරත් පැවති බවය.

එසේම බීමට අවශ්‍ය කෙනාට ඔය කාල සීමා කිසිවක් අදාලද නැති බවය. එහෙත් ඒ BLACK MARKET ඉපයූ අමතර මුදල කවදාවත් රජයට නොලැබුණු අතර ඒවා ගියේ වැඩි මිලට විකුණු ජාවාරම්කරුවන් වෙතය. රාත්‍රී 9න් පසුව වෙනුවට 10 දක්වා කාලසීමාව වැඩි කිරීම තුළ සිදුවුයේ BLACK MARKET සඳහා තිබු කාලය අඩුවීමය.

එපමණක් නොව දැන් රාත්‍රී කාලයේ කොපමණ බෝතල් ප්‍රමාණයක් නිකුත් වනවාද යන්න සළකා මේ කාලය තවත් දීර්ඝ කිරීමටද අවස්ථාව මේ හරහා ලැබී ඇත. ඒ හරහාද සිදුවන්නේ වැඩි මිලට විකුණා අයතා ලාභයක් ලබන ජාවාරම්කරුවන් ලබන මුදල ජනතාවට ඉතුරුවීම සහ නියම පරිදි රජයට බදු මුදල් එකතුකර ගන්නට අවස්ථාව ලැබීමය.

සංස්කෘතියට උයියා වෙලා : චෝදනා පත්‍ර

පැමිණිල්ලේ දෙවැනි කොටසට අනුව ඉහත සංශෝධන නිසා “මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්” යන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 03 පිටුවේ සදාචාර සම්පන්න සමාජයක් මත්ද්‍රව්‍ය, මත්පැන් හා සිගරට් උවදුරෙන් රටමුදාව ගැනිම ප්‍රතිපත්තියට හානි වී ඇත. තවද විජිත සමයේ ද පැවති නීති රීති අනුව එනම් සුරාබදු පනතේ 116 පිටුවේ12 වගන්තිය අනුව යුද හමුදා අණදෙන නිලධාරින්ට, නාවික හමුදාවේ ප්‍රධාන නිලධාරින්ට, ගුවන් හමුදාවේ අණදෙන නිලධාරින්ට, විදේශිය සුදු නිලධාරින්ට මෙන්ම අවුරුදු 18 අඩු පිරිමින් හා මොනයම් හෝ ස්ත්‍රින්ට මෙය තහනම් කර තිබිණි. ඒ අනුව නව සංශෝධනය හමුවේ එම නීති වෙනස් කර ඇත.

තැබැරුම්-විවෘත කරන හා වසා තබන වේලාවල් වෙනස් කිරීම හා කාන්තාවන් සඳහා මත්ද්‍රව්‍ය ලබාදීම හා එම ස්ථාන වල කාන්තාවන්ට සේවය කිරීමට අවස්ථාව සලසා දීමට වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා නියෝග නිකුත් කිරීම යහපාලන ආණ්ඩුවේ ස්ථාවරයට අභියෝග කිරීමක් බවත් කාන්තාවන්ට මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රවර්ධනය කිරීමට සැළැස්වීම පවුල් ඒකකයට, මාතෘත්වයට විශාල තර්ජනයක් බවත් මේ අයගේ තර්කය වී ඇත. එසේම කාන්තා හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඩ නඟන යුගයක මෙලෙස කාන්තාවන්ව විනාශයට තල්ලු කිරීම සමස්ත රටම විනාශයට ගෙනයන්නක් බවද මේ අය සඳහන් කර සිටියි.

මෙවැනි කතා කියන විට අපට සුනඛ වෙස් ගත් අපේ කාලයේ ඩයෝජිනිස්ලා සිහිපත් වුවාට කරන්න දෙයක් නැත.

මත්පැන් පිරිමින්ට පමණයි!

 මේ තර්ක අනුව ඔවුන් මත්පැන් වෙළඳාමට ඔවුන් විරුද්ධ නැත. පිරිමි සඳහා මත්පැන් මිලදී ගැනීමට නිදහස දීමද ප්‍රශ්නයක් නැත. එනිසා ඕනෑම කසිප්පු ජාවාරම් කාරයෙකුගේ පාංශුකූල අවස්ථාවේ ඔහුට අමාමහ නිවන් සුවය හෝ මොක්සුව පතන්නටද ගැටළුවක් නැත. එසේම “යන්තං පදං” හීං සීරුවේ දෙකක් දාගන්නටද බාධාවක් නැත. මේ නම් හරි අපූරු සංස්කෘතික ආරක්ෂකයින්ය.

අනෙක් අතට කාන්තාවන්ට මත්පැන් පානය කිරීම සහ ඒ ආශ්‍රිත මනෝකායික වින්දනයක් ලැබීම තහනම් කරන්නට සුද්දා කටයුතු කළේ යටත් විජිතයේ පවුල් ඒකකය රකින්නටද? මාතෘත්වය රකින්නටද? එසේනම් ඔවුන් සිදුකළ අනෙක් සියළු දේ නරක බව කියන මේ ඊනියා සංස්කෘතික ආරක්ෂකයින් මෙතැනදී පමණක් සුද්දා ෂෝක් කියන පදනම මොකක්ද? මේ නම් හරි අපූරු සංස්කෘතික ආරක්ෂකයින්ය.

 එක සංස්කෘතිය : තුන කාන්තාව

ඔවුන්ට ගැටළුව වී ඇත්තේ කාන්තාවන්ට පනවා තිබු තහනම ඉවත් කිරීම ගැනය. ඒ අර්ථයෙන් ගැහැණු යනු පිරිමින්ට දෙවැනි වෙනම පිරිසක්ය. අවම වශයෙන් ඔවුන්ට එවැනිi2703637863 ස්ථාන වල රැදී සේවය කිරීමට පවා අයිතියක් නැත. මන්ද එවිට පවුල් ඒකකය, මාතෘත්වය තර්ජනයට පත්වන නිසාය. ඒ තර්කය අනුව පවුල් ඒකකයේ සමඟිය සහ මාතෘත්වයේ උත්තරීතරත්වය රැකගත යුතු වන්නේද කාන්තාවන්ය. ඒ සඳහා පිරිමි වගකිව යුතු නැත. මේ නම් හරි අපූරු සංස්කෘතික ආරක්ෂකයින්ය.

අනෙක් අතට අප සැළකිල්ලට ගතයුතු වන්නේ මත්පැන් පානය කිරීම හෝ නොකිරීමත් ඊට අදාළ ලෞකික නීති රාමුවේ සිදුකරන වෙනස්කම් සම්බන්ධව මාරාන්තික වීමට මේ කොහෙවත් යන පුජක රංචුවට වගකීම දුන්නේ කවුද යන්නය? අප බය නැතිව එසේ විමසන්නේ ඔවුන් මේ රටේ සංස්කෘතියේ හිමිකරුවන් හෝ නිර්මාතෘන් හෝ ආරක්ෂකයින් බව කියනවා නම් ඔය කියන අටමගල් සංස්කෘතිය අන්තිම පහත් නින්දිත එකක් බැවින් අපට එවන්නක් අනවශ්‍ය බව දැනුම්දෙන්නටය.

2500 සංස්කෘතියේ අස්වැන්න

මෙරට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අහස උසට නිර්මාණය කළේ ඔය කියන සංස්කෘතියද? මිනිත්තු 4කට වරක් රටේ කොතැනක හෝ ස්ත්‍රියක් හෝ ළමයෙක් ලිංගික අතවරයකට ලක්වෙන පසුබිමක් නිර්මාණය කළේ ඔය රකින්න කතා කරන සංස්කෘතියද? වයසක ආච්චි කෙනෙකුටවත් තනිව වසන්න බැරි තැනට ලිංගික අසහනයක් නිර්මාණය කළේ ඔය රකින්න කියන සංස්කෘතිය තුළ නොවේද? බසයක යන්න දන්නේ නැති පොදු ස්ථානයක හැසිරෙන්න දන්නේ නැති අවම වශයෙන් ලිංගික එක්වීමක් සඳහා අනෙකාගේ කැමැත්ත අවශ්‍ය යන දියුණු මිනිස් එකඟතාව නොදන්නා මනෝ ලිංගික බලහත්කාරයින් නිර්මාණය කළේ ඔය ආරක්ෂා කරන්න හදන සංස්කෘතිය විසින් නොවේද? මේ ආකාරයේ ප්‍රශ්න රැසක් සංස්කෘතියේ මාරාන්තික ආරක්ෂකයින් වෙත ඉදිරිපත් කරන්න අපට පුළුවන්ය.

අනෙක් අතට අද ලෞකික නීතියේ වෙනස්කම් ගැන රත්වී ඇති ඔය ලෝකෝත්තර පුටු එදා රාජපක්ෂ පාලන සමයේ තිබුණේ වඩු මඩුවේදැයි ඇසිය යුතුව ඇත. ඒ මෙරටට පැමිණි සංචාරක යුවලක පිරිමියා ඝාතනය කර ස්ත්‍රිය දුෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිවරයා රජ මාලිගයේ සඟවාගෙන කන්න බොන්න දෙනවිට ඔය අද රත්වෙන ලෝකෝත්තර පුටුවේ උණුසුම නිසා රත්වූ තට්ටම් වල විලාපය එදා අපට අසන්නට නොලැබුන නිසාය. එසේම ස්ත්‍රී දුෂණ සිදුකර ශතක සමරන පළාත් පාලන කෙරුමන් ගැන ඔය අද රත්වෙන ලෝකෝත්තර පුටුවේ උණුසුම නිසා රත්වූ තට්ටම් වල විලාපය එදා අපට අසන්නට නොලැබුන නිසාය.

ලෝකෝත්තර ගැට

ඇත්තටම නම් රටේ නීතිය බල්ලට ගොස් බල්ලා නීතිය බෙල්ලේ එල්ලාගෙන සිටියද මේ අයට වගේ වගක් නැත. ඔවුන්ට මහින්දගේ මතට තිත මෙන්ම මෛත්‍රීගේ සදාචාර සමාජය සිහිපත් වෙන්නේ මෙතුවක් කල් නඩත්තු කරගෙන පැමිණි ඓතිහාසික මිත්‍යාවන් සහ පසුගාමී සමාජ එළඹුම් ඉවත්කර නව ලෝකයට මේ සමාජය සුදානම් කරන විටය.

මේ ඊනියා හරි අපූරු සංස්කෘතික ආරක්ෂකයින් බබාලා මෙන් හැසිරුණාට මෙරට මෙන්ම ලෝකයේත් මත්පැන් ආශ්‍රිත මනෝකායික වින්දනය ප්‍රිය කරන අය ඒ වෙත ආකර්ෂණය වී ඇත. එසේම මෙරට රාත්‍රී සමාජ ශාලා තුළ ඕනා තරම් කාන්තාවන් ඒ ආශ්‍රිත රැකියාද කරයි. ඒ අනුව ඒ සියල්ල එසේම පවතින විට ඒවාට නීතියක් ගෙන ඒම තුළ සිදුවන්නේ දඩාවතේ යන බල්ලා බැඳ තැබීමක් වැන්නකි. එනම් සංචාරක කර්මාන්තය තුළ ඇති රැකියා අවස්ථා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමට අවස්ථාව සැලසීම, එම කර්මාන්තය තුළ ව්‍යවසායකත්වය ලබා ගැනීමට කාන්තාවන්ට ඇති සීමා ඉවත්කිරීම වැනි කටයුතුය.

එවැනි ආර්ථිකයට අත්‍යාවශ්‍ය සහ ඉදිරිය දැක ගනුලබන දියුණු තීන්දු තීරණ සම්බන්ධව ඒවා රටේ සංස්කෘතිය උයියා වනෝ කියමින් කෑ මොර දෙන උදවිය එදා ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කරන විටද කීවේ ඔය වැනිම මජර කතාය. ඔවුන් එදා කීවේ සුද්දන්ට ජංගි මහන්න අපේ දූවරු, සහෝදරියන්, අම්මලා යවා සංස්කෘතිය උයියා කරන්නට යන බවය.

සුද්දන්ට ජංගි මහපු සල්ලි

එදා “මෙන්න ජංගි මහන්න යවනෝ” සංස්කෘතිය ඉවරෝ කියා මොරදුන් පුජකයින් ඒ ජංගි මසා හම්බකළ මුදලින් දුන්න දානේ වැළඳුවේ නැද්ද? පිං පෙට්ටියට වැටී තිබුණේ ජංගි මසා හම්බු කළ මුදල්ද නැද්ද යන්න වර්ග කරගත්තාද? එපමණක් නොව මැදපෙර දිග සේවයට ගොස් සිටින කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන ඔවුන් නිකුත් කල මාධ්‍ය ප්‍රකාශ කොහෙද? ඒ ආශ්‍රිතව පවුල් ඒකක අර්බුදයට යන බව දන්වා එවැනි ගෙවල් සඳහා ආදායම් මාර්ග ලබාදීමට මේ පුජකයන්ට හැකිද? ඔය ආකාරයට තවත් ප්‍රශ්න රැසක් මේ ඊනියා සංස්කෘතික ආරක්ෂකයින් වෙත යොමු කළ හැකිය.

ඒ වෙනුවෙන් ඔවුන් ධර්මයෙන් මෙන්ම ගිය ආත්මය සහ මතු ආත්මය ගෙන කර්මය දක්වා විවිධ පිළිතුරු දෙනු ඇත. එහෙත් ඒ කිසිවක් අපේ ආර්ථික දුෂ්කරතාවට විසඳුම් දෙන්නේ නැත. නැතහොත් අපේ දෛනික ජීවිතයේ මුහුණදෙන කිසිඳු ප්‍රශ්නයකට පිළිතුරක් ඔවුන් සතුව නැත.

ආගම ජීවිතය සඳහාද ? : ආගම වෙනුවෙන් ජීවිතයද ?

එනිසා ජනතාව මෙන්ම මේ ඊනියා සංස්කෘතික ආරක්ෂකයින් එකක් අවබෝධ කරගත යුතුව තිබේ. එනම් ආගම අපේ ජීවිතය සඳහා මිස අපේ ජීවිත ආගම සඳහා නොවන බවය. අපේ ජීවිත ආගම සඳහා නම් අපි මේ වන විට ඉන්නේ සිවුරු දරා පුජක ලෝගු සහිතවය. අප එසේ නොවී ලෞකික ජීවිතයක සිටීමෙන් අදහස් කරන්නේ මේ අපේ පාර බවය. එනිසා ඔය ලෝකෝත්තර දැක්මෙන් අපේ ලෞකික ජීවිතය මර්දනය කරන්න හෝ අපේ පරිභෝජනයට සීමා දමන්න ඔබලාට අයිතියක් නැත.

එවැනි අයිතියක් ඔබලාට ඇතැයි සිතනවා නම් අපට සිහිපත් කරන්නට ඇත්තේ ඒ වැරදි අදහසක් බවය. මේ රාජ්‍යයේ මේ ලෞකික නීතිය විසින් ඔබලාගේ ආගමික සංස්ථාවද ආවරණය වන අතර රටේ නීතිය ඔය අටමගල් සේරටම වඩා ඉහලින් ඇත.

යහපාලන පොරොන්දු

එසේම මේ හමුවේ රටේ පාලකයින්ටද දැනුම්දෙන්නට දෙයක් ඇත. ඒ මේ ඊනියා සංස්කෘතික ආරක්ෂකයින්ගේ ලෝකෝත්තර ගැට වලට හසුනොවී සිය පාලන යුතුකම් සහ වගකීම් සිහියේ තබාගෙන කටයුතු කිරීමය. මේ ආණ්ඩුවේ මුලික සටන් පාඨ අතර වුයේ අල්ලස දුෂණය සහ රාජ්‍ය මුල්‍ය අවභාවිතය පිටු දැකීම, සංහිඳියාව හරහා ස්ථාවර සාමයක් ලබාදීම, රාජපක්ෂ සමයේ සිදුකල මහාපරිමාණ වැරදි නීතිය හමුවට ගෙන ඒම, වින්දිතයන්ට යුක්තිය ලබාදීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ආර්ථිකය සංවර්ධනය කිරීමය.

ඒ හමුවේ මත්පැන් කාන්තාවන්ට හොඳද, ඒවා සංස්කෘතිය උයියා කරයිද වැනි කතා කොහෙත්ම ජාතික දේශපාලනයට වැදගත් නැති අතර, ගෝත්‍රික ඔලුගෙඩියකට මිස ශිෂ්ට ඔළුවක ඕවා ප්‍රශ්න ලෙස හොල්මං කරන්නේද නැත. එනිසා ලෝකෝත්තර ගැට වලින් ලෞකික ප්‍රශ්න වහන්න හදනවා නම් එතැන පළමුව අවධානමට පත්වන්නේ ලෞකික දේශපාලනයේ නියෝජිතයා මිස කොහෙවත් යන ලොකොත්තරයන් නොවන බව සිහිතබා ගැනීම වැදගත්ය.

 -දහම් ලියනගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ගෑනුන්ට මොන අරක්කුද ඩෝ..!' : ලෞකික ආතල් කඩන ලෝකෝත්තර ගැට.
'ගෑනුන්ට මොන අරක්කුද ඩෝ..!' : ලෞකික ආතල් කඩන ලෝකෝත්තර ගැට.
http://ift.tt/2B0g9w5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_243.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_243.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy