දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය
Homeදේශපාලන

චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය

PropellerAds

  එය අතිශයින්ම සාධාරණ හා යුක්ති සහගත අපේක්ෂාවකි. එමෙන්ම කිසිසේත්ම සුළුකොට තැකිය යුතු නැති වගකීමකි. ඒ අන්කිසිවක් නිසා නොවේ. මෙම මැතිවරණය ...

එළවළු තොග භාර නොගනී - මැනිං වෙළෙඳපොලේ උණුසුම් තත්ත්වයක්
“මෙතෙන ඇති අන්තවාදයක් නෑ..ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානයට අවසර දීලා“ - මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය ගැන ඇමැති අලි සබ්රි මැදිහත් වෙයි
අද කොරෝනා රෝගීන් 283ක්! මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් 10,000 ඉක්මවයි
චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය

 

එය අතිශයින්ම සාධාරණ හා යුක්ති සහගත අපේක්ෂාවකි. එමෙන්ම කිසිසේත්ම සුළුකොට තැකිය යුතු නැති වගකීමකි. ඒ අන්කිසිවක් නිසා නොවේ. මෙම මැතිවරණය හරහා තෝරාගන්නා නියෝජිතයන් වෙත අතිවිශාල වගකීම් සම්භාරයක් පැවරෙනවාට අමතරව ඇතැම්විට ඒ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ රටේ අනාගත දේශපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇතිකළ හැකි අය වන නිසාය. මේ රටේ හිටපු රාජ්‍ය නායකයින් හතර දෙනෙක්ම සිය දේශපාලන ජීවිතය ආරම්භ කර ඇත්තේ පළාත් පාලන ආයතන නියෝජනය කළ අය ලෙසින් බව පැහැදිළි වීම තුළ ඒ බව තේරුම්ගත හැකිය. එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක, ආචාර්ය විජයානන්ද දහනායක, ජේ.ආර්.ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස යන දැවැන්ත දේශපාලන චරිත ඒ සඳහා දැක්විය හැකි උදාහරණයන් ය.

ඒ අනුව සැලකීමේදී මෙම පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙන්ම මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් ගැන ද කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. එහෙත් ඇතැම් දේශපාලනඥයින් මෙන්ම දේශපාලන පක්ෂ ද මෙවර පළාත්පාලන මැතිවරණය උපයෝගී කරගෙන ඇත්තේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ බලය ලබාගැනීම සඳහා යන ගමනට යොදාගත හැකි අවස්ථාවක් ලෙසට ය. මේ රටේ බොහෝ දෙනෙක් පිරිසිදු, ප‍්‍රතිපත්තිගරුක, දූෂණයෙන් තොර මහජන නියෝජිතයින්ගේ ඇති අවශ්‍යතාවය මතු කරමින් සිටියදී අතීත අඳුරු සෙවණැලි මෙන්ම එකී අඳුරු සෙවණැලි නිර්මාණය කර ඇති චරිත තම දේශපාලන වේදිකා වලදී ඇතැමුන් මහත් අභිරුචියෙන් යුතුව වැළද ගනිමින් සිටින්නේ ඒ නිසාය.
ඒ බව සිහිපත් කරන අපූරු චරිත දෙකක් පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා විසින් වැළැදගත් ආකාරය ජනමාධ්‍ය හරහා දැකගත හැකිවිය. එනම් ප්‍රේමලාල් ජයසේකර හා මහීපාල හේරත් යන දෙපළම මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට ගොඩවීම තුළ ය. අප ඉතා හොඳින්ම දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා හෝ මහීපාල හේරත් මහතා හෝ ප්‍රේමලාල් ජයසේකර මහතා හෝ මෙවර පළාත්පාලන මැතිවරණයට තරග කරන්නේ නැත. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන එක කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බව ඉතා පැහැදිළිවම ප‍්‍රදර්ශනය කර තිබේ.

එහිදී ප්‍රේමලාල් ජයසේකර චරිතය නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයයි. මහීපාල හේරත් මහතා නියෝජනය කරන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයයි. ඒ දිස්ත‍්‍රික් දෙකම අයත්වන්නේ සබරගමු පළාතට ය. ඒ අනුව සබරගමුව හා මෙකී චරිත දෙක පිළිබඳව අපට ඇති අතීත, මතකයන් නැවත සිහියට නගාගැනීම සබරගමුවට මෙන්ම රටට ද වැදගත්විය හැකිය. එහිදී සබරගමුවේ පමණක් නොව, මේ රටේ බොහෝදෙනෙක් ප්‍රේමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයා හඳුනන්නේ ඔහුගේ නියම නමින් නොව චොකා මල්ලි ලෙසට ය. ඔහු ද ඒ චොකා මල්ලි යන නාමයට අතිශයින්ම කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ තමන් හඳුන්වාදීම සඳහා පසුගිය මැතිවරණ වලදී ප‍්‍රදර්ශනය කරන ලද පෝස්ටර්වල චොකා මල්ලි යන නාමය ද ඉස්මතු කර තිබීම නිසාය. ඔහු අදටත් සිටින්නේ ඇප පිටය. ඒ මිනීමැරුම් චෝදනාවකට අදාළව මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක විත්තිකරුවෙකු ලෙසට ය. අද ඔහුට එරෙහිව නඩුවක් පැවරී ඇතත් ඔහු බලයේ සිටියදී එම බලය යොදාගෙන ඇත්තේ එවැනි චෝදනාවක් පවා මතු නොවන ආකාරයට ය. පසුගිය 11 වන දින අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කහවත්ත පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය ඊට මනා නිදසුනකි. බලයේ සිටියදී බලය ඒ ආකාරයට යොදාගෙන ඇති එවන් දේශපාලන චරිත වලට අද ද අවශ්‍ය වී ඇත්තේ එවැනිම වූ පාලනයක් නැවත ගොඩනගන්නට ය. ඊට ආධාර කරගත හැකි චරිත ගණනාවක් මෙවර පළාත් පාලන මැතිවරණය හරහා හෝ බිහිකරගැනීමට ය.

රටම සැලකිල්ලට ගතයුතු සබරගමුවෙන්ම ලබාදිය හැකි තවත් උදාහරණයක් තිබේ. ඒ දැරණියගල අත කොටා ය. දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරිවරයා කෲර ලෙස වධහිංසාවට ලක්කරමින් ඝාතනය කළේ අතකොටා විසින් නායකත්වය දුන් පිරිසක් විසිනි. ඒ නිසා අද ඔහු සිටින්නේ මරණ දඩුවමට යටත්ව ය. මේ අතකොටා කවුද? සබරගමුවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් නායකත්වය දුන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දැරණියගල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙකි. නමින් ඔහු අනිල් චම්පික විජේසිංහ ය. එහෙත් රටේ පමණක් නොව කෑගල්ලේ බොහොදෙනෙක් ද ඔහු වඩා හඳුනන්නේ අතකොටා යන නමින් ය.
ඒ අනුව මේ පළාත් පාලන මැතිවරණය තුළින් මුළු මහත් රටම නීතිගරුක, යුක්තිගරුක හා දූෂණයට ලක් නොවූ මහජන නියෝජිතයින් අපේක්ෂා කළ ද ඇතැමුන් ට එවැනි අපේක්ෂාවක් තිබේද යන ප‍්‍රශ්නය නිතැතින්ම මතුවන්නේ අපරාධ චෝදනා ලද හා බොහෝ අපරාධවල සෙවණැලි සේ අප දකින අපරාධකරුවන්ගේ සැබෑ රූපකායන් මෙවර ඇතැම් මැතිවරණ වේදිකාවලදී දක්නට ලැබීම හේතුවෙනි.

මෙවන් පරිසරයක් තුළ අද මේ රටේ ඡන්දදායකයාට ඇත්තේ බලවත් වගකීමකි. තමන් තෝරාපත්කරගන්නා නියෝජිතයන්ගේ ගුණවත් බව හා යහපත් භාවය පිළිබඳව පමණක් නොව, ඔවුන් පසුපස සිටින දේශපාලන ප‍්‍රවාහයන් හි අරමුණු හා ප‍්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් සොයාබලා තීන්දු තීරණ ගතයුතු වීම ඊට හේතුවයි.

සුනිල් ජයසේකර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29421,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය
චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය
http://ift.tt/2FMUlHF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_237.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_237.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy