රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08 වනදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරෙන බව ජනපති මාධ්‍ය අංශය පවවසය...
රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08 වනදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරෙන බව ජනපති මාධ්‍ය අංශය පවවසයි.
මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට හැකිවූ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි..
ස්පාඤ්ඥ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.
මංතීරු හතරක් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය.
ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ද හා ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද මෙය වන බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය යනු මෙරට තුළ තිබෙන අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකෙ බවද ජනපති මාධ්‍ය අංශය පවසයි..
මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඔවුන් පවසයි.

COMMENTS