දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ‘ඔපරේෂන් 2’
Homeගොසිප්

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ‘ඔපරේෂන් 2’

PropellerAds

බැඳුම්කර හොරුන්ට දඬුවම් කරන්නත්, හොරුන් හිරේ යවන්නත් රුපියල් කෝටි දහස් ගණන් අපේ මුදල් විනාශ කළ අයගෙන් ඒවා අය කර ගන්නත් 'ඔපරේෂන් ටූ...

චිලීට ඇප ලැබෙද්දී ඩෙංගු පරීක්ෂා වීඩියෝව හා තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට
Breast Cancer Awareness Programme - with Artists
විමල් ගම්මා ඔලු වලට මිටි පාරක් (අඟහ. කාටූන්)

බැඳුම්කර හොරුන්ට දඬුවම් කරන්නත්, හොරුන් හිරේ යවන්නත් රුපියල් කෝටි දහස් ගණන් අපේ මුදල් විනාශ කළ අයගෙන් ඒවා අය කර ගන්නත් 'ඔපරේෂන් ටූ' ඊයේ ක්‍රියාත්මක කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇල්පිටියේ පැවැති ජනරැලියකදී පැවැසීය.

ඊයේ සවස පැවැති මේ රැලියේදි වේගවත් කතාවක් කරමින් ජනාධිපතිවරයා පැවැසුවේ හොරකම් කළ ඒ මුදල් ලබා ගැනීමට ඉක්මනින් පනතක් සකස් කරන බවයි.

මේ සඳහා නීතිපති, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සහ මහ බැංකු අධිපති ඊයේ කැඳවා අවශ්‍ය උපදෙස් දුන් බව පවසමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

ඉතිහාසේ මුල්ම මංකොල්ලය තමයි මේක. කොමිසමේ වැඩ කෙරී ගෙන යන විට කාගේ කාගේත් ඇස් ඇරුණා. කොමිෂන් වාර්තාව ගිය සතියේ මට භාර දුන් බව ඔබ දන්නවා. මම අද තමුන්නාන්සේලා හමුවෙන්න ආවේ 'ඔපරේෂන් ටූ' අද දහවල් ක්‍රියාත්මක කරලා. මම මගේ කාර්යාලයට නීතිපතිතුමා ගෙන්නුවා. අල්ලස් දූෂණ කොමිෂන් අධ්‍යක්ෂතුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා, රජයේ නීති ක්‍ෂේත්‍රයේ විශාරදයන්ට මම අද එන්න කිව්වා. ඒ සියලු දෙනාට මම අද එන්න කියලා ඒ සාකච්ඡාව අවසන් කරලයි ආවේ. මම ඒ ගොල්ලන්ට කිව්වා හොරුන්ට දඬුවම් දීම, හොරකම් කරපු අයගේ් සල්ලි ආපසු ගැනීම ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒ ක්‍රියාවලියට ඔබට කොච්චර කාලයක් යනවාද, කොච්චර කාලෙකින් මේක අවසන් කරනවාද කියලා මට කියන්න කිව්වා. මම ඒ අයගෙන් අහලා ඒ සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙළ හදලයි අද මේ රැස්වීමට ආවේ. හොරුන්ට දඬුවම් කරන්නත් හොරුන් හිරේ යවන්නත් අපේ කෝටි දහස් ගණන් සල්ලි විනාශ කරපුවා ගන්න අද මම ඔපරේෂන් ටූ ක්‍රියාත්මක කරලයි ආවේ.

අපිට අලුතෙන් පනත් තුනක් හදන්න තියෙනවා. ඒ පනත් තුනෙන් බලාපොරොත්තු වන දේ තමයි නැවත මහ බැංකුවේ මෙවැනි දූෂණ වංචා සිදු නොවීමට වග බලා ගැනීමට අවශ්‍ය අලුත් නීති රීති. අද තිබෙන නීතියට ඒ මුදල් එකතු කරගන්න ගියොත් හොරකම් කරපු අයගෙන් ඒ සල්ලි ආපසු ගන්න අවුරුදු දහයක් පහළොවක් යනවා. ඒ නිසා ඉක්මනින් ඒ මුදල් ලබා ගැනීමට ඔවුන්ගේ බැංකුවල තිබෙන සල්ලි අපි දැන් තහනම් කරලා තියෙනවා. ඉක්මනින් මුදල් අය කර ගන්න, ඒ සඳහා පනතක් සකස් කරන එක මහ බැංකුව තුළ මෙවැනි දූෂණ වංචා නොවන විදියට ආයතන සකස් වෙන්න අදාළ නීති රීති සකස් කරන එක අල්ලස් දූෂණ පනතේ සංශෝධන පනතේ වැඩකටයුතු මේ වන විටත් අවසන්ව ඇති බව පැහැදිලිව සඳහන් කරන්න කැමැතියි.

නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ (17දා) හදිසියේ කැඳවා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කොට තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සඳහන් නිර්දේශයන්ට අනුව මෙම මහ පරිමාණ වංචාව සම්බන්ධ සියලු තැනැත්තන්ට තරාතිරම නොබලා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමටද නීත්‍යනුකූල නොවන ක්‍රියාවන්හි යෙදුණු තැනැත්තන්ට එරෙහිව සිවිල් නඩු පවරා වන්දි ලබාගැනීමට මෙයට සම්බන්ධ රජයේ විවිධ ආයතනයන්හි නීත්‍යනුකූල නොවන ක්‍රියාවන්හි යෙදුණු අයට විනය පියවර ගැනීමටද මේ සාකච්ඡාවේදී නිර්දේශ විනැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


මෙවැනි අපරාධ දූෂණ යළි ඇති නොවීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මෙහිදී ජනාධිපති උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පැය දෙකහමාරකට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවද සඳහන් වේ.

කැබිනට් මණ්ඩලය රැස්වූ පෙරේදා (16දා) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් අමාත්‍යවරු ඉදිරියේ දැඩි ප්‍රකාශයක් කළ දිනට පසු දිනම මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්ව තිබේ.
නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ (17දා) හදිසියේ කැඳවා තිබේ. වාර්තාවන අන්දමට මේ හදිසි කැඳවීම කර තිබෙන්නේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සඳහන් නිර්දේශයන්ට අනුව මෙම මහ පරිමාණ වංචාව සම්බන්ධ සියලු තැනැත්තන්ට තරාතිරම නොබලා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා අදාළ ප්‍රධානීන් වෙත නියෝග කර ඇත.

පැය දෙකහමාරකට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවද සඳහන් වේ.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ජනාධිපතිවරයා විසින් මේ වනවිටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට ලබාදී තිබේ.

එම පිටපත් අධ්‍යයනය කිරීම මේ වනවිටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ මහ බැංකුවේ නීති විශාරදයන් විසින් ආරම්භ කර ඇති අතර එහි ප්‍රගතිය සහ ඉදිරි කටයුතු ගැන මෙහිදී ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී අදාළ ප්‍රධානීන්ගෙන් විමසීමක්ද කර තිබේ.

කැබිනට් මණ්ඩලය රැස්වූ පෙරේදා (16දා) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් අමාත්‍යවරු ඉදිරියේ දැඩි ප්‍රකාශයක් කළ දිනට පසු දිනම මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්ව තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ‘ඔපරේෂන් 2’
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ‘ඔපරේෂන් 2’
http://ift.tt/2mGJTJd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/2_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/2_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy