2020 වෙනකන් ආණ්ඩු බලය තියා ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එකට වැඩ කිරීමට තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...
2020 වෙනකන් ආණ්ඩු බලය තියා ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එකට වැඩ කිරීමට තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ එක්සත් ජාතික පක්ෂයේ ඊයේ (29) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අද උදේ එකසත් ජාතික පක්ෂ පෙරමුණේ නායකයින් මුණ ගැහුනා. අපි තමයි ජනතා විමුක්ති පෙරමුණයි, ද්‍රවිඩ සන්ධානයයි හැර අපි තමයි අනිත් කට්ටිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවන්න වැඩ කටයුතු කළේ. ඊට පස්සේ ආණ්ඩුවේ වෙනම ඉදන් අපි තරඟ කළේ. අපි තමයි පාර්ලිමේන්තුවේ තියෙන විශාලම පක්ෂය. අපිට වඩා කාටවත් නැහැ. අපි විශාලම පක්ෂේ. අපිට බහුතරයක් හොයා ගන්නවා. ඒ නිසා අපි 2020 වෙනකන් ආණ්ඩු බලය තියා ගන්නවා කියලා අපි තීරණය කළා. අපේ බහුතරය ආරක්ෂා කරන ගමන් ආණ්ඩුව ඇතුළේ තියෙන සමගියත් ආරක්ෂා කරනවා කියලා අපි තීරණය කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එකට වැඩ කරනවා කියලා අපි තීරණය කළා. ඉතින් ජන්දෙන් පස්සේ අපි ආරම්භ කරපු වැඩ කටයුතු ඒ වගේම අපි ඉදිරියට ගෙන යනවා. ඉතින් කිසිම සැකයක් තියා ගන්න එපා අපේ ආණ්ඩුව ගැන බලයේ ඉන්නවා.”
COMMENTS