හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි සතුව බැංකු ගිණුම් 17 ක් තිබෙන බව වාර්තා වේ. ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි සතුව බැංකු ගිණුම් 17 ක් තිබෙන බව වාර්තා වේ. මීට අමතරව ඔහුගේ බිරිඳ වන ක්‍රිෂ්නා මධුරංගි රණමුකආරච්චිට අයත් බැංකු ගිණුම් 16 ක් ද තිබේ.
නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ද ගොනුකර ඇති අතර ඒ ඔහු 2010 - 2014 අතර කාලයේදී සිය වත්කම් බැරකම් හෙළි නොකිරීම හේතුවෙනි.
හිටපු ජනාධිපතිවරයා සමීපයේ සිටි බොහෝ දෙනාට විවිධ චෝදනා එල්ල වූ අතර නෙවිල් වන්නිආරච්චි ද විවිධ අයථා ක්‍රම මගින් වත්කම් සහ මුදල් උපයාගෙන තිබේ. ඔහු සතුව මේ වනවිට බස් රථ සහ ටිපර් රථ සැළකිය යුතු ප්‍රමාණයක් තිබෙන අතර මේජර් වැනි තනතුරක් දරන පුද්ගලයෙකුට එවැනි වත්කම් සාධාරණව උපයාගැනීමට හැකිවූයේ කෙසේද යන්න විශාල ගැටලුවකි.
විවිධ බැංකුවල විශාල ගිණුම් ප්‍රමාණයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි සැකයක් තිබෙන අතර ඔහු සිදුකළ අයථා මුදල් ගනුදෙනු සඳහා මෙම ගිණුම් භාවිතා කළ බවට සැක කරයි.
මේ අතර ඔහු මේජර්වරයෙකු ලෙස හැඳින්වුවද සැබෑවටම ඔහු කෝප්‍රල් තනතුරේ සිටින පුද්ගලයෙකු බව ද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් සහ ඔහුගේ අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
COMMENTS