පළාත් පාලන මැතිවරණයට තරග කරන කිළිනොච්චියේ අපේක්ෂයින් විසින් මේ වන විට සිදු කරන ලද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක් පිළිබදව පැමිණිලි ලැබී ඇත...
පළාත් පාලන මැතිවරණයට තරග කරන කිළිනොච්චියේ අපේක්ෂයින් විසින් මේ වන විට සිදු කරන ලද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක් පිළිබදව පැමිණිලි ලැබී ඇතැයි කිළිනොච්චිය දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සුන්දරම් අරුමේයිනායගම් මහතා පවසයි.
මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 7 කට තමන්ගේ මට්ටමින් විසදුම් ලබාදී සමථයකට පත් කල බවත් ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් තේරීම්බාර නිලධාරියා කියා සිටියේය.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ඊ.පී.ඩී.පී.සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.චන්ද්‍රකුමාර් මහතාට එරෙහිව වන අතර එම පැමිණිලි කිළිනොච්චියේ පච්චිලෙයිපල්ලි,කරච්චි,පූනගරි යන පළාත් පාලන ආයතනවලට තරග කරන ස්වාධීන කණ්ඩායමකින් ලැබුණු පැමිණිලි වෙයි.
පළාතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරගැනීම පිණිස සියළුම අපේක්ෂකයින්ට මැතිවරණ නීතිරීරීති පිළිබදව මේ වනවිට අවස්ථා දෙකකදීම දැණුවත් කිරීම් සිදුකොට ඇතැයි කිළිනොච්චිය දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා පැවසීය.
COMMENTS