ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයාට බැඳුම්කර කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති අතර ඒ අනුව අද අළු...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයාට බැඳුම්කර කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති අතර ඒ අනුව අද අළුයම 1.30 පමණ වන තෙක් නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වී ඇත.
එම සාකච්ඡාවේදී පැමිණි තීරණයට අනුව බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර ලෙස අර්ජුන් ඇලෝශියස්, අර්ජුන් මහේන්ද්‍රන්, කසුන් පළිසේන සහ රවී කරුණානායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට එකඟ වී තිබේ. මොවුන් සියළු දෙනාට ම කොමිසම හමුවේ බොරු සාක්ෂි දීමේ චෝදනාව එල්ල වී ඇති අතර අර්ජුන් ඇලෝශියස්ට සහ කසුන් පළිසේනට එරෙහිව කොමිසම නොමඟ යැවීමේ අරමුණින් දත්ත මකා දැමීමට තැත් කිරීමේ චෝදනාව ද එල්ල වී තිබේ.
මෙහිදී රවී කරුණානායකට එරෙහිව එල්ල වී ඇත්තේ අල්ලස් චෝදනාවක් නිසා ඔහු හැර අනෙත් තිදෙනාව පෙබරවාරි 07 වනදාට ප්‍රථම අත් අඩංගුවට ගැනීමට තීරණය කෙරී ඇත.
එසේම බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර යටතේ තවත් දේශපාලනඥයින් විශාල සංඛ්‍යාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.
COMMENTS