පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් මුළුමනින්ම විනාශ වී තිබූ බුලත්සිංහල යටගම්පිටිය විද්‍යාලයේ පැතිබැම්මක් ප්‍රතිසංස්කරණ කිරීම සදහා රජය මග...
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් මුළුමනින්ම විනාශ වී තිබූ බුලත්සිංහල යටගම්පිටිය විද්‍යාලයේ පැතිබැම්මක් ප්‍රතිසංස්කරණ කිරීම සදහා රජය මගින් රුපියල් ලක්ෂ 65ක ප්‍රතිපාදන වෙන් කර තිබිණි.
කොන්ත්‍රාත්කරු තාක්ෂණික නිලධාරීන්ගේ සේවයද ගනිමින් අදාළ පැතිබැම්ම ඉදි කිරීම ආරම්භ කෙරුණද එම කටයුතු ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු තොරතුරකට අනුව රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කරනු ලැබීය.
රාජ්‍ය අමාත්‍යවරයා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ තොරතුරු විමසා සිටියහ. මේ පිලිබඳ බුලත්සිංහල පොලිසියට කල දැනුම් දීමක් මත පොලිස් නිලධාරින්ද එම ස්ථානයට පැමිණියහ. අවසානයේ අදාළ ඉදිකිරිම තාවකාලිකව නතර කරන ලෙසට කොන්ත්‍රාත්තුව භාර ප්‍රධාන තාක්ෂණික නිලධාරියාට අමාත්‍යවරයා දැනුම් දී ඇත.
COMMENTS