විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වන විනාශයට එරෙහිව හා විල්පත්තුව ආරක්ෂා කරන්නැයි ඉල්ලා 'විල්පත්තුව වෙනුවෙන් අපි' සංවිධානය මගින් පැවැත...
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වන විනාශයට එරෙහිව හා විල්පත්තුව ආරක්ෂා කරන්නැයි ඉල්ලා 'විල්පත්තුව වෙනුවෙන් අපි' සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් කොළඹ දී ඊයේ (14) පැවැත්විණි.
විල්පත්තුව අවට සිදුව ඇති මහා වන විනාශය සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන කොළඹ විහාර මහා දේවී උද්‍යානය පරිශ්‍රයෙන් ආරම්භ විය.
පාගමනින් අනතුරුව විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ මුලස්ථානයට ගොස් සිදුව ඇති වන විනාශය පිළිබඳව වාර්තාවක් ලබා දුනි. ඒ අවස්ථාවේදී අධික වර්ෂාවක් ඇති වූ අතර එහි සිටි කිසිදු පුද්ගලයෙකු එයින් පිටත්ව නොගොස් එහි රැදී සිටියහ.
විල්පත්තුව අවට වන විනාශය පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවි ඇතුළු සිවිල් සමාජය පුරා දැඩි මතවාදයක් ඇති වී ඇත.
මෙම පාගමන සඳහා කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ව්‍යාපාරිකයින් හා පරිසරයට ඇල්මක් දක්වන ස්වේච්ඡාවෙන් පැමිණි විශාල පිරිසක් ද සහභාගී විය.
COMMENTS