මෙවර මදීනා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ රටවල් 06ක සහභාගිත්වයෙන් (ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය) පැවැත්වූ...
මෙවර මදීනා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ රටවල් 06ක සහභාගිත්වයෙන් (ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය) පැවැත්වූ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉකුත් 2017-12-02 දින ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉතාමත් උත්කර්ෂමත් අන්දමින් පැවැත්වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම පරදවා, ලෝක ශූරතා කුසලානය දිනා ගනිමින් රටට ගෞරවය ගෙන දුන්නේය. ඉතාමත් උද්යෝගි අන්දමින් පැවැත්වූ මෙම තරඟයේ දී පළමුව ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දුන් අතර නියමිත පන්දු වාර 10ය අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 113ක් රැස්කර ගත්තේය. ඉන් අනතුරුව පාකිස්තාන පිල 09වන පන්දු වාරයේ අවසානයේ දී සියලු කඩුලු දැවී යාමෙන් ලකුණු 81ක් ලබා පරාජයට පත් විය. මෙම තරඟයේ දී සහෝදර හුස්නිගේ අති දක්ෂ පිතිහරඹයෙන් ලකුණු 60ක් ලබා ගත් අතර සහෝදර රයීස්ගේ පන්දු යැවීමෙන් කඩුලු 06ක් ද එක් Hat-trickක් ද ලබා ගෙන ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. එමෙන්ම තරඟයේ වීරයා සම්මානය සහෝදර රයිස් ට හිමි විය. මේ දක්වා පැවැත්වූ විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව දෙවතාවක් කුසලානය හිමිකරගෙන තිබීම රන් අකුරින් ලිවිය යුත්තකි. ප්‍රථම වතාවට 2015 දී සහෝදර මොහමඩ් අස්වර් මදනිගේ නායකත්වයෙන් සහ මෙවර සහෝදර පී.එම්. ෆෙරොස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානය තමන් සතු කර ගත්තේය. නාසික් ෆාරුක් තන්වීරි මදීනා නුවර සිට
COMMENTS