මල්වතු මහ නාහිමි මූලිකත්වයෙන් ජපන් රටේ රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබා ගත හැකි බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්...
මල්වතු මහ නාහිමි මූලිකත්වයෙන් ජපන් රටේ රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබා ගත හැකි බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මල්වතු මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දැනුම් දීම මත මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මහනුවර ප්‍රධාන පෙලේ බාලිකා විදුහලක ගුරුවරියකට දුරකථන මඟින් කතා කර මල්වතු මහ නාහිමියන් වහන්සේගේ ආශීර්වාද මත ජපන් රටට පුද්ගලයන් යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් සීමිත පිරිසක් සඳහා එම අවස්ථාව ලැබෙන නිසා හැකි ඉක්මනින් මුදල් බැර කළ යුතු බවත් දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ ගුරුවරිය අවස්ථා දෙකකදී එම ගිණුමට රුපියල් 95,000 ක් බැර කර ඇත්තේ ඇගේ පුතා ජපන් රටට යැවීමේ අදහසිනි.
මේ සම්බන්ධ තොරතුරු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට දන ගන්නට ලැබීමෙන් පසු උන්වහන්සේ ඒ බව මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම් දී තිබේ.
තමන් වහන්සේ කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රියා සඳහා අනුබල දීමක් සිදු නොකරන බැවින් අදාළ වංචාව සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කරන ලෙස උන්වහන්සේ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS