බැංකු ක්ෂේත‍්‍රයට සම්බන්ධ එක් වෘත්තීය සමිතියක් අද දිනයේ බැංකු ශාඛා කිහිපයක් ඉදිරිපිටදී, බැංකු සේවකයින්ට බලහත්කාරයෙන් කළු පටි බැන්දවීමේ ව්...
බැංකු ක්ෂේත‍්‍රයට සම්බන්ධ එක් වෘත්තීය සමිතියක් අද දිනයේ බැංකු ශාඛා කිහිපයක් ඉදිරිපිටදී, බැංකු සේවකයින්ට බලහත්කාරයෙන් කළු පටි බැන්දවීමේ ව්‍යාපාරයක් දියත් කර තිබිණි.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බැංකු සේවකයින් පවසන්නේ, සිය සමිති නායකයින්ගේ අත්තනෝමතික ක‍්‍රියාකාරකම් සහ අදූරදර්ශී තීන්දුවල ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට ඔවුන්ගේ බැංකු විසින් ගෙන ඇති විනය ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය දැක්වීම සදහා මෙලෙස කළුපටි පළදින ලෙස තමන්ට බලකර ඇති බවයි.
නායකයින් යැයි පවසන පුද්ගලයින්ගේ අමනෝඥ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ටම විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇති පසුබිමක, ඉන් මිදීමට සමස්ත බැංකු සේවකයින්ට බලකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව බැංකු සේවකයින්ගේ අදහසයි.
සේවකයින්ගේ විරෝධය හේතුවෙන් බොහෝ බැංකු සහ ශාඛා ආශ‍්‍රිතව වෘත්තීය සමිති නායකයින්ගේ මෙම වෑයම අසාර්ථක වී ඇත.
වෘත්තීය සමිති නායකයින් දිගින් දිගටම තමන්ගේ පුද්ගලික උවමනාවන් මුදුන්පත් කර ගැනීම සදහා මෙවැනි බලහත්කාරයන් සිදු කරන්නේ නම් බැංකු සේවකයින් අන් සියල්ලට ප‍්‍රථමව ඊනියා නායකයින්ට එරෙහිව කටයුතු කරන බව ද බැංකු සේවකයින් අවධාරණය කරයි.
COMMENTS