දමිළ ප්‍රගතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්...
දමිළ ප්‍රගතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 21 වනදා නාමයෝජනා භාරදුන්නේය.
ඉන් අනතුරුව උද්‍යාන මාවතේදී ජන හමුවක් පැවති අතර එම අවස්ථාවට දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සහ රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිශ්ණන් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරවීමට තමන් කැප වී කටයුතු කරන බවයි.
දිස්‍ත්‍රික්කය තුළ සංවර්ධන කටයුතු රැසක් තමන් සිදුකර ඇති බැවින් ජනතාව තමන් සමඟ සිටින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
COMMENTS