අමතර රාජකාරී දීමනා ඉහළ නැංවීම සඳහා වූ යෝජනා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිල...
අමතර රාජකාරී දීමනා ඉහළ නැංවීම සඳහා වූ යෝජනා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම දීමනාව අවසන් වරට සංශෝධනය වී ඇත්තේ 2013 වසරේ දී වන අතර අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළ නැංවීම සිදු වුවද වෛද්‍යවරුන්ගේ පමණක් දීමනා ඉහළ නැංවීමට අදාළ කටයුතු මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.
වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනා සංශෝධනයට අදාළ යෝජනා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාර දී මේ වන විට වසරක පමණ කාලයක් ගත වුවද මේ දක්වා අදාළ දීමනා සංශෝධනය කර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අදාළ අංශ වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවට ඔවුන් චෝදනා කරයි.
අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි සති 02 ක කාලය තුළ විසඳුම් නොලැබුණහොත් ජනවාරි මාසය තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිය සංගමයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කල බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියහ.
COMMENTS