මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශය නාගරික උද්‍යානයක් බවට පත් නොකර, එය ආර්ථික කලාපයක් බවට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික...
මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශය නාගරික උද්‍යානයක් බවට පත් නොකර, එය ආර්ථික කලාපයක් බවට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
අයවැය කාරකසභා විවාදයට එක්වෙමින් ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේබව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,"මීතොටමුල්ල කුණු කන්දට මේ ආණ්ඩුව වගේම පහුගිය ආණ්ඩුවත් වගකිවයුතුයි. ගෝඨාභය රාජපක්ෂ මේ කුණුකන්ද මෙතැනට ගෙනත් දැම්මා. මේ ආණ්ඩුව එම ප්‍රශ්නේ විසඳන්නේ නැතුව ඇදගෙන ගියා.
ඒනිසා මීතොටමුල්ල කුණු කන්ද නිසා මියගිය 33දෙනා වෙනුවෙන් මේ ආණ්ඩුවත් වගකියන්න ඕනෑ.ඒ නිසා මීතොටමුල්ල කුණුකන්ද ආශ්‍රිත අක්කර 28 සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගන්න යනවා. නමුත් අපි කියන්නේ මේ ප්‍රදේශය ආයෝජන කලාපයක් බවට පත්කරන්න කියලයි.
මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශය කොළඹට ඉතාම ආසන්න ප්‍රදේශයක්. ඒනිසා මේ ප්‍රදේශය සංවර්ධනය කිරීමෙන්රටේ ආර්ථිකයත්, ගමේ ආර්ථිකයත් සෞභාග්‍යය කරා ළඟා කරගන්න පුළුවන්.
අපට අවශ්‍ය උයන් වතු නොවේ. අපේ නගරය දියුණු කරන්නයි අපට අවශ්‍ය. ඒ සඳහා රාජ්‍ය පෞද්ගලික ආයෝජන ලබාගෙන මේ ප්‍රදේශය දියුණු කරන්න.ඒදේවෙනකම් කොළොන්නාවේ ජනතාව බලගෙන ඉන්නවා" යැයි මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS