දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් කී දේ මහින්ද ඇහුවේ නැති නිසා වුණ දේ!
Homeගොසිප්

රනිල් කී දේ මහින්ද ඇහුවේ නැති නිසා වුණ දේ!

PropellerAds

යුද්ධය අවසන්වීමෙන් පසු විදේශ ආයෝජන හරහා විදේශ විනිමය ලබා නොගෙන හිටපු පාලකයන් එදා මහ බැංකු අධිපතිවරයාගේ උපදෙස් මත විදේශ ණය ලබා ගැනීමට කට...

විදුලිබලයට නවීන තාක්ෂණය සොයාබැලීමට රවී සිංගප්පූරු ගිහින්
මහින්ද පැරදුණ පසු බුකියේ පළවූ නිර්මාණ අදට වලංගුද?
ගහේ හැපුනෙ කලවැද්දෙක් බේරන්න ගිහින් - රවීන්ද්‍ර යසස්

යුද්ධය අවසන්වීමෙන් පසු විදේශ ආයෝජන හරහා විදේශ විනිමය ලබා නොගෙන හිටපු පාලකයන් එදා මහ බැංකු අධිපතිවරයාගේ උපදෙස් මත විදේශ ණය ලබා ගැනීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒවන විට අමෙරිකානු ආර්ථිකය බිඳ වැටී තිබුණත්, නැවත එහි ආර්ථිකය ශක්තිමත් වූ විට එම මුදල් ආපසු එරටට ගලා ගොස් අප ර‍ටේ ආර්ථික අර්බුදයක් ඇති වන බව තමන් එදා පෙන්වා දුන්නත් ආණ්ඩුව දිගටම ණය ලබා ගැනීම නිසා 2014 වන විට ණය සඳහා පොලිය ගෙවීමටවත් නොහැකි උග්‍ර ගැටලුවකට රට මුහුණ පෑ බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එදා ඇති වී තිබුණේ වැස්සකට මඟ නතර වෙනවා වැනි තාවකාලික තත්ත්වයක් බවත්, එම නිසා එම ක්‍රියාමාර්ගයට යොමු නොවී, විදේශ ආයෝජකයන් වෙත අවධානය යොමු කරමු යැයි එදා තමන් පැවසුවත්, අමෙරිකානු ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් නොවන බවත්, ශ්‍රී ලංකාවට පැමිණි මුදල් ශ්‍රී ලංකාවේ රැ‍ෙඳෙන බවත් එදා පාලකයන් පැවසූ බව කී අගමැතිවරයා 2013 – 2014 කාලය වන විට ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් රටේ ආර්ථිකය ප්‍රමාණවත් නොවී අවසානයේ ගැටලුව උග්‍රවීමට පෙර මැතිවරණයකට යාමට ඔවුන් කටයුතු කළ බවත් අගමැතිවරයා කීය. පුත්තලම, වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

2009 වසරේ දී ශ්‍රී ලංකාව ණය ගන්නා විට විදේශ ණය ලබා නොගැනීමට තායිලන්තය සහ වියට්නාමය තීරණය කළ බවත්, අමෙරිකාවෙන් විශාල ලෙස ණය මුදල් ලබා ගැනීමට හැකි වුවත් එසේ නොකොට ආයෝජකයන් ගෙන්වා ගැනීම හරහා කර්මාන්ත හා සංචාරක කර්මාන්ත හරහා තම රට දියුණු කරමින් අපනයන ආර්ථිකයක් ඇති කර ගැනීමට එම රටවල් කටයුතු කළ බවත් අගමැතිවරයා කීය. එම නිසා අද මෙම ගෝලීය ආර්ථික අර්බුදය ඔවුන්ට ප්‍රශ්නයක් වී නොමැති බවත්, ඔවුන් රටේ ආයෝජන ප්‍රමාණය වැඩි කළ නිසා මෙම අර්බුදයට හොඳින් මුහුණ දෙන අතර අපි ලබාගත් ණය ප්‍රමාණය වැඩි කළ නිසා එම අර්බුදය හමුවේ අසරණ වී සිටින බවත් අගමැතිවරයා‍ පෙන්වා දුන්නේය.

'එදා ණය ලබාගත්තේ අප නොවුණත්, දැන් ආණ්ඩුව බාර ගෙන තිබෙන්නේ අපයි. පරණ පව් ගැන කොතරම් කෑගැසුවත් මේ වගකීම අප බාරගත යුතුයි. මේ ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙන කිසිවකුටත් කළ නොහැකියි' යැයිද අගමැතිවරයා වැ‍ඩිදුරටත් සඳහන් කළේය. ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණපාමින් සිටින අතර එම තත්ත්වයෙන් ගොඩ ඒමට එම රටවල් පියවර ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.

රුපියල රකින ක්‍රියා මාර්ග සතියකින් සකසන්න

මේ අතර ගෝලිය ආර්ථිකයට ඝෘජුව බලපාන අමෙරිකා ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ඇතිවන අර්බුදයේ දී රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියා මාර්ග ඉදිරි සතියේ දී සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවෙත උපදෙස් දී‍ තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම සහ චීනය සමඟ කරන වෙළෙඳ ගනු දෙනුවල දී අධික බදු ක්‍රියාත්මක කිරීම නිසා ඇති වන තත්ත්වයන්ට කල්තියා මුහුණ දීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) උපදෙස් දුන්නේය.

අගමැති වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ඉදිරියේ දී ක්‍රමෝපායන් සැලසුම් කිරීමට නියමිතය. අමෙරිකාව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නොවැම්බරයේ සිට ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමඟම ශ්‍රී ලංකා තේ ඉරානය වෙත අපනයනය කිරීමට නොහැකි වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව චීනයට එරෙහිව අමෙරිකාව පනවා තිබෙන තීරු බදු හේතුවෙන් ඉදිරියේ දී චීන රජය ණය ආධාර හෝ ප්‍රදානයන් සඳහා නොයනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ රජයට උපදෙස් දී තිබේ.

අදාළ අංශ සකස් කරන ක්‍රමෝපායන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරයෙන් පසු ක්‍රියාවට නංවනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් කී දේ මහින්ද ඇහුවේ නැති නිසා වුණ දේ!
රනිල් කී දේ මහින්ද ඇහුවේ නැති නිසා වුණ දේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgE3U6GWgyjpyS_ZZ_MhLhLv2VArShnm7BXvpxrYHx_YS8876BzXUA7MgDQewta8sJFiilx9geQWti6y5rURpSp0MfrR8pYbdj5PpsBBit_IVzLPcnVp7eLUjjLYKywo8HbbireK1-jYAGV/s1600/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgE3U6GWgyjpyS_ZZ_MhLhLv2VArShnm7BXvpxrYHx_YS8876BzXUA7MgDQewta8sJFiilx9geQWti6y5rURpSp0MfrR8pYbdj5PpsBBit_IVzLPcnVp7eLUjjLYKywo8HbbireK1-jYAGV/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy