නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවදානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝ...
නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවදානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.
නායයාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ද හෙතෙම සදහන් කළේය.
ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ නායයාම් සහ ගංවතුර තර්ජන තවදුරටත් පවතින බවයි.
කෙසේ වෙතත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ අඩුවිමක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවැසීය.
COMMENTS