දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝසි එයි : එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණින්.
Homeගොසිප්

රෝසි එයි : එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණින්.

PropellerAds

එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම්කර තිබේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එ...

බොරැල්ල OIC හැප්පූ ඩිෆෙන්ඩරයේ මහින්දානන්දගේ පුතා ඉඳලා
අලුගෝසු තනතුරට ඇමරිකානුවා තේරෙන ලකුණු කුඩ්ඩන් 17 ක් එල්ලා මරයිද?
පොලිස් ස්ථානාධිපති හැප්පූ පොලිස්පුතාත් සගයාත් පසුපස ප්‍රාඩෝ පැද්ද 2 කුත් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමෙන් පසුව කොළඹ මහ නගර සභාව සඳහා පමණක් පුරපති අපේක්ෂකත්වය නම් කර ඇති අතර, අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මීට පෙර පැවැති පළාත් පාලන මැතිවරණවලදී මහනගර සභාබොහෝමයක පුරපති ධුර අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය.

පක්ෂයේ ඊළඟ පරම්පරාවට ඉදිරියට ඒමට සලසා දෙන වැදගත් පියවරක් ලෙස සලකා මෙවර පළාත් පාලන මැතිවරණයේදි අනෙකුත් පළාත් පාලන ආයතනවල තනතුරු නම් නොකරන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

අලියා ලකුණින්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා සංවිධාන 22 ක් සහිත එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන සියලු අපේක්ෂක ලැයිස්තු පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ඊයේ (19දා) අනුමත කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් අනුමැතිය ලැබූ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා විසින් අත්සන් තැබීම ඊයේ (19දා) පස්වරුවේසිදුකෙරිණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණෙන් අලියා ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂ හා සංවිධාන 22 ක් ඉල්ලා තිබුණු හෙයින් අපේක්ෂක ලැයිස්තු සැකසීම අවසන් මොහොත දක්වා දැඩි අර්බුදයක පැවැති බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.


එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන් හා අනෙක් සංවිධාන නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ සාකච්ඡාවෙන් පසු සියලු ලැයිස්තු සකස් කර අවසන් කිරීමට හැකිවූ බවද සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කීවේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝසි එයි : එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණින්.
රෝසි එයි : එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණින්.
http://ift.tt/2CIymzw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_787.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_787.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy