ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකන් එයාර් සහ මිහින් එයාර් සමාගම් පිළිබඳව සොයාබැලීම සඳහා කොමිසමක් පත් කරන බව ප...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකන් එයාර් සහ මිහින් එයාර් සමාගම් පිළිබඳව සොයාබැලීම සඳහා කොමිසමක් පත් කරන බව පැවසීමෙන් අනතුරුව අතිශයින් ම කලබලයට පත්ව ඇති ශිරන්ති රාජපක්ෂ සමාදානය සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙත පණිවිඩ පිට පණිවිඩ යවමින් සිටින බව ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි.
එම වාර්තාව පහතින්,
පසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සභාපතිවරයාව සිටියේ ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය. ඔහු සභාපතිවරයාව සිටියදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ මහා පරිමාණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව පසුගිය යුගයේ බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි. ජනාධිපතිවරයාගේ කොමිසම පත් කෙරුණහොත් සියලු තොරතුරු එළියට ඇදෙනු ඇතැයි ශිරන්ති රාජපක්ෂ බියපත් වී තිබේ.
එහෙයින් ඇය ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙත පණිවිඩ යවා ඇත්තේ කුමන කොන්දේසියක් මත හෝ රාජපක්ෂ පාර්ශ්වය ඔවුන් සමඟ සමාදාන කිරීමට තමන්ට මැදිහත් විය හැකි බවටය.
නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සභාපති තනතුරේ සිටියද ඒ යුගය තුළ නිල නොලත් ශ්‍රී ලංකන් සභාපතිනිය ලෙස කටයුතු කර ඇත්තේ ශිරන්ති රාජපක්ෂ යි. ප්‍රශ්නගත මිලියන ගණන් ගනුදෙනු බොහෝවිට සිදුකෙරී ඇත්තේ ශිරන්ති රාජපක්ෂගේ වුවමනාව අනුවය. අප දන්නා තොරතුරු අනුව වෙනත් දුර්වලකම් පැවතිය ද නිශාන්ත වික්‍රමසිංහ යනු හොරෙකු නොවේ. ශ්‍රී ලංකන් සමාගමේ සියලු අක්‍රමිකතාවන්ට වගකිව යුතු වන්නේ නිශාන්තගේ පුත් ඩිල්ශාන් වික්‍රමසිංහ සහ ශිරන්ති රාජපක්ෂය. ශිරන්ති රාජපක්ෂ මේ පිළිබඳව මේ තරම් කලබල වී ඇත්තේ ඒ නිසාය.
කෙසේවෙතත් රාජපක්ෂ පවුල මෙල්ල කිරීම කිරීම සඳහා මෙවර නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තෝරාගෙන ඇත්තේ නියම තුරුම්පුවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
COMMENTS