කොළඹ මහ නගර සභාවට පොදුජන පෙරමුණෙන් නගරාධිපති අපේක්ෂකයකු නම් නොකිරීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කොළඹට යොවුන...
කොළඹ මහ නගර සභාවට පොදුජන පෙරමුණෙන් නගරාධිපති අපේක්ෂකයකු නම් නොකිරීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කොළඹට යොවුන් කණ්ඩායමක් එක් කිරීමට මේවන විට තීරණය කර ඇති අතර ඒ සඳහා නායකයකුද නම් කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කිට්ටුවන්තයකු මෙසේ කොළඹ කණ්ඩායම් නායකයා ලෙස පත් කිරීමට නම්කර ඇති අතර ඔහුට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන තිදෙනාගේම ආශිර්වාද හිමිව තිබීම විශේෂ සිද්ධියකි.
මෙසේ නම් කර ඇති අය ඉකුත් ආණ්ඩු සමයේදී ගෝඨාභය සමග වෘත්තීය සම්බන්ධකම් පැවැත්වූ අයෙක් සේම ඔහු තරුණසේවා සභාව සමඟද කටයුතු කළ අයෙකි.
ශ්‍රීලනිප තරුණ කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානියකු බවද පැවසේ.
පොහොට්ටුවෙන් නගරාධිපති කොළඹට නගරාධිපති අපේක්ෂකයකු නම් නොකිරීමට සැලැසුම් කිරීම දේශපාලන විශ්ලේෂකයින් අතර සැක ඇතිකරන මාතෘකාවක් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
COMMENTS