දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට
Homeගොසිප්

සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට

PropellerAds

සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට මීට වසර 10 කට පමණ පෙර මීගමුව රෝහලේදී රෝගී තරුණියක දූෂණය කර ජනේලයෙන...

අනුරාධපුර පන්සලක් ඉදිරිපිට ‘රෙඩි මේඩ් ගෙයක්‘ ගෙනත් හයිකර පදිංචි වෙලා
දරුවා බේරුනා අම්මා අහුවුණා- පානදුර අනතුරේ කාන්තාවට බරපතලයි
සිලෝන් මැජෙස්ටික් බලන්න පියුමි ආපු හැටි

සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ
ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට

මීට වසර 10 කට පමණ පෙර මීගමුව රෝහලේදී රෝගී තරුණියක දූෂණය කර ජනේලයෙන් තල්ලු කර මරා දැමීමේ සිද්ධියකට වරද කරුවූ වෛද්‍ය සුදර්ශන බාලගේ මේ වනවිට වැලිකඩ සිරගෙදර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින අතර වැලිකඩ සිරකරුවන්ට ඉංග්‍රීසි ටියුෂන් පන්ති පවත්වන ප්‍රධාන ගුරුවරයා බවට පත්ව ඇතැයි වාර්තාවේ.
2007 වසරේ ලංකාවේ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ මෙම වෛද්‍යවරයාගේ දූෂණ සිද්ධිය හෙළිදරව් වූයේ රෝහලේ සාත්තු සේවිකාවක ලබාදුන් සාක්ෂියක් නිසාය. 2007 කාලයේ සීමාවාසික පුහුණුවේ යෙදුණ මෙම වෛද්‍යවරයා රෝහලේ රෝගියෙකු ලෙස ඇතුළත්ව සිටි රූමත් ඇඟළුම් සේවිකාවක කිසිවෙකු නොසිටි මීගමුව රෝහල් කාමරයක් ඇතුළේදී
දූෂණය කර පසුව රහස එළිවේයැයි සිතා ඇයව ජනේලයෙන් තල්ලූ කර මරා දැමූ බවට චෝදනාවට ලක්වූ අතර ඝාතන චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවමද තරුණිය දුෂණය කිරීමේ චෝදනාවට වසර 15 ක සිර දඬුවමක්ද මීගමුව මහාධිකරණය පවරන ලද්දේ 2014 වසරේදීය.


තරුණිය සිහිනැති කොට ඝන කාඞ්බෝඞ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ සේවිකාවක කියූවත් තමා එම සිද්ධියට සම්බන්ධ නැති බවට වෛද්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි.

 වෛද්‍යවරයාගේ නේවාසික කාමරයට දකුණු පසින් මියගිය කාන්තාවගේ කෙස් රොදක් බිම වැටී තිබීමත් කාඩ්බෝඩ් අත්බෑග් හා ලේපැල්ලම් හමුවීමත් මත සාත්තු සේවිකාවගේ සාක්ෂිය ප්‍රබල විය.

‘මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ‍්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම  5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006 සිට මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා. මම විවාහ වී සිටියේ. මීගමුව රෝහලේ 6 වෙනි මහලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා.සිද්ධිය දවසේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාරා කියන හයිපතයිරොයිඞ් රෝගයෙන් පෙළෙන ගෑනු ළමයෙක්ව සායනයට පරීක්ෂණය සඳහා කැඳවාගෙන ආවා.

විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් ඇය එතන සිටියේ නැහැ. මම නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගිය විට තමයි ඇය ජනේලෙකින් පැන මියගොස් ඇති බව දැනගත්තේ. මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිස්සුන්ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍යවරයෙක් අනේ  මගේ ජීවිතය විනාශ වීමට ඉඩ දෙන්න එපා..‘
ඔහු එදා පවසා තිබුණි.

චූදිත සීමාවාසික වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් චමිලාව කාඞ්බෝඞ් එකක් මත තබාගෙන ඇදගෙන යන අයුරු මීගමුව රෝහලේ පවිත‍්‍රතා අංශයේ බියට්‍රිස් මහත්මිය ලබාදුන් සාක්ෂිය අවසානයේ අධිකරණයේදී ඔප්පුවී තිබුණි.

නඩුව දිගින් දිගටම 2007 සිට 2014 තෙක් වසර 7 ක් තිස්සේ ඇදී ගිය අතර ඔහුගේ විවාහයද ඒ අතර කෙළවර වී තිබුණි.
මේ වනවිට වැලිකඩ සිරගෙදර චැපල් වාට්ටුවේ කල්ගත කරන 45 හැවිරිදි වෛද්‍යවරයා සිය කාලයෙන් වැඩක් ගන්නා අදහසින් වැලිකඩ සිරගෙදර 30 දෙනෙකුට දිනලතා සවස ඉංග්‍රීසි ටියුෂන් ලබාදෙන බව පැවසේ.
ඔහුගෙන් ටියුෂන් ලබාගන්නට පැමිණෙන්නේ මරණ දඬුවම් චෝදනාවන්ට ලක්ව අභියාචනාවේ ඇප අයදුම් කර සිටින පිරිසකි.

මෙම ටියුෂන් පන්තියට තවත් සිරකරුවන් දෙදෙනෙකුද ගුරුවරු ලෙස එක්ව සිටින බව කියැවේ.
මින් ඉහත වැලිකඩ සිරගෙදර ඉංග්‍රීසි පන්ති පැවැත්වූ සක්විති රණසිංහ මේ වනවිට නිදහස ලබා පිටව ගොස් ඇති අතර ඒ වෙනුවට වෛද්‍ය සුදර්ශන ප්‍රධාන ගුරුවරයා ලෙස කටයුතු කරන බව වාර්තාවේ.
 
 වෛද්‍ය බාලගේගේ ස්ත්‍රී දූෂණ හා ඝාතන සම්පූර්ණ සිද්ධිය මෙතැනින්
Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට
සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට
http://ift.tt/2qa9wXn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_236.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_236.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy