දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙන්ඩර් නැතිව විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීම කාගේ වුවමනාවක්ද?
Homeගොසිප්

ටෙන්ඩර් නැතිව විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීම කාගේ වුවමනාවක්ද?

PropellerAds

යෝජිත නව විද්යුත් විදෙස් ගමන් බලපත්රය සැපයීමේ ටෙන්ඩරය කිසිදු ලංසු කැඳවීමකින් තොරව De La Rue Lanka Currency & Security Print (Pvt.) Lt...

අධික උණුසුම් තත්වය නිසා වකුගඩු රෝග හා ඇස්ලෙඩ අවදානමක්
ඇස් තෙත් කරන පොඩි විජේගේ ජීවිත කතාව-විජේ අරුම පුදුම සුරතලුනුත් ඇති කරලා
ඇල්පිටියේදී පිස්සෙක් බසයක් පැහැර ගනී

යෝජිත නව විද්යුත් විදෙස් ගමන් බලපත්රය සැපයීමේ ටෙන්ඩරය කිසිදු ලංසු කැඳවීමකින් තොරව De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගමට ලබා දීමට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. 

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ රුපියල් බිලියන 1.2 ක වටිනාකමකින් යුතු මෙම ටෙන්ඩරය ලංසු කැඳවීමකින් තොරව De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගමට ලබා දීම පිටුපස බරපතළ මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට සැකසංකා මතුකරන්නක් බවය.

ඒ බව සඳහන් කරන ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ යෝජිත නව විද්යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය සඳහා ලංසු කැඳවීමේ දී De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගම ඒ සඳහා ඉදිරිපත්ව නොසිටි බවය.

අඩුවට මුද්‍රණය කිරීමට ඉදිරිපත්ව සිටියදී :

එසේම මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව රුපියල් මිලියන 600ක් වැයකිරීම හරහා නව විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට හැකියාවක් ඇති බවත් එවැනි යෝජනාවක් පසෙකලා De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගමට මෙම ටෙන්ඩරය නිකුත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය පළවීම ගැටලූසහගත බවය.

එසේම මීට පෙර අවස්ථාවක දී ද යෝජිත විද්යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගමට ලබා දීම සඳහා අනුමැතිය ඉල්ලන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමුවූ අතර එහිදී ජනාධිපතිවරයා ඊට සිය නිරීක්ෂණ සපයමින් පෙන්වා දී තිබුණේ තනි සමාගමකට ලබා දීම වෙනුවට තරගකාරී ලංසු ක්‍රමයක් හරහා අදාළ ටෙන්ඩරය නිකුත් කළ යුතු බවය.

ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ නොතකා:

එහෙත් දිගින් දිගටම අදාළ සමාගම වෙත මෙම ටෙන්ඩරය ලබා දීම සඳහා වන ක්‍රියාවලියක් ආණ්ඩුවේම පාර්ශ්ව කිහිපයක් වෙතින් දියත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස 2017 ජුනි 13 වන දා ICTA හා De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගම විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමට අදාළ ව්‍යාපෘතිය ක්‍රි ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ තාක්ෂණික අවශ්‍යතා අධ්‍යනය කිරීමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇත.

පසුව කැබිනට් මණ්ඩලයේ තීරණය සහ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ නොතකා ඇතිකරගත් මෙම ගිවිසුමෙන් පසුව 2017 අගෝස්තු 09 වන දා අංක CP/17/1576/722/017 දරණ හවුල් කැබිනට් සන්දේශයක් විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු විෂය අයත් එස්. බී. නාවින්න විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

”ස්විස් චැලේන්ජ්” ක්‍රමයට :

එහෙත් එම අවස්ථාවේ ද කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වී තිබුණේ එක් සමාගමක් වෙනුවට ”ස්විස් චැලේන්ජ්” ක්‍රමය යටතේ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය දියත් කළ යුතු බවය.

වාර්තා වන ආකාරයට කැබිනට් මණ්ඩලයේ මෙම නිර්දේශයට De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගම එකඟත්වය පළකර නොමැත.

එසේම මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ද අදාළ ටෙන්ඩරය De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගමට පැවරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකුට දැනුම් දී ඇති බව ද දැනගන්නට ඇත.

පසුගිය නොවැම්බර් 02 වන දා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් අංක 17/2522/749/022 දරණ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුව බවත් එහිදී කිසිදු ලංසු කැඳවීමකින් තොරව සහ 2017 අගෝස්තු 09 වන දා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අදාළ නිර්දේශ සංශෝධනය කරන ලෙස ඉල්ලා තිබූ බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

බ්‍රිතාන්‍ය කොටස් හිමිකාරීත්වය හා අවධානම :

කෙසේ වුවද De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගම බ්‍රිතාන්‍ය කොටස් හිමිකාරීත්වයක් සහිත සමාගමක් බවත් එවැනි සමාගමකට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම පැවරීම තුළ එම ක්‍රියාවලිය මුළුමනින්ම පෞද්ගලික සමාගමකට නිරාවරණය වීමේ අවදානමක් ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එසේම මෙම කටයුත්ත හේතුවෙන් පසුගියදා රුපියල් බිලියන 1ක් වියදම් කර ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කළ නව විදෙස් ගමන් බලපත් කාර්යාලයට අනුබද්ධ 400 කට අධික සේවකයන් හට රාජකාරියක් නොමැතිව යන අවදානමක් ද මතුව ඇත.

එසේම De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගමට විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීමේ ටෙන්ඩරය සැපයීම සම්බන්ධව ආගමන විගමන වෘත්තීය සමිති විරෝධය පළකර ඇති බවත් සේවක විරෝධය නොතකා අදාළ සමාගමට එම ටෙන්ඩරය ලබාදුනහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට එම වෘත්තීය සමිති සූදානම්ව සිටින බව ද වාර්තා වෙයි.

(සත්හඬ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙන්ඩර් නැතිව විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීම කාගේ වුවමනාවක්ද?
ටෙන්ඩර් නැතිව විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීම කාගේ වුවමනාවක්ද?
http://ift.tt/2BSfwFA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_689.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_689.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy