බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න සම්පත් සහ රොයිස් විජිත ප්‍රනාන්දු යන අය අද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ...
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න සම්පත් සහ රොයිස් විජිත ප්‍රනාන්දු යන අය අද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත.
පළාත් පාලන මැතිවරණයට තරංග කිරීම සඳහා ඔවුන් පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්නට මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බව වාර්තා වේ.
මේ අතර බස්නාහිර පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද වැඩි ජන්ද 75කින් සම්මත විය. අයවැයට පක්ෂව ජන්ද 80ක් සහ විරුද්ධව ජන්ද 5ක් ද ලැබී ඇත.
පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ජන්දය දීමෙන් වැලකි සිටි අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් යවය යෝජනාවට විරුද්ධව ජන්දය භාවිත කල බවද වාර්තා වේ.
COMMENTS