බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අප...
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බවද පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු, නැගෙනහිර, ඌව සහ දකුණු, පළාත්වල අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සමහර ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල තරමක් තද වැසිද (75mm ට වැඩි) බලාපොරොත්තු විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද පෙන්වා දී තිබේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
COMMENTS