සමෘද්ධි බැංකු නවීන වාණිජ බැංකු තත්ත්වයට පත් කරනු ලබන බවත්, ඒ හරහා ජනතාවට වැඩි සේවාවන් සැලසිය හැකි බවත් සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්...
සමෘද්ධි බැංකු නවීන වාණිජ බැංකු තත්ත්වයට පත් කරනු ලබන බවත්, ඒ හරහා ජනතාවට වැඩි සේවාවන් සැලසිය හැකි බවත් සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්දඋඩරට උරුමය පිළිබඳ ඇමැති එස්බී දිසානායක මහතා පවසයි.
ඒ අනුව නවීන උපකරණවලින් සමන්විත ඩිජිටල් තාක්ෂණය සමෘද්ධි බැංකුවලට ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය. මේ මඟින් ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාවට කඩිනම් සේවයක් ලබාදීමට හැකියාව ඇති බවද, ඉන් ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක් විය හැකි බවද එස්බී දිසානායක ඇමැතිවරයා පැවැසුවේය.
ගිනි පොලී මාෆියාවෙන් ජනතාව ගලවාගැනීමට මෙමඟින් හැකියාව ලැබෙන බවද කී ඇමැතිවරයා සමෘද්ධි ව්‍යාපාරය පසුගිය වසර 10 තුළ විශාල කඩාවැටීමකට ලක් වූ බවත්, ඊට හේතුව සමෘද්ධි බැංකුවලින් නිසි ප්‍රයෝජන නොගැනීම බවත් කීය.
COMMENTS