මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාවක් අද (29) පෙරවරුවේ පොලිස්පති...
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාවක් අද (29) පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත භාර දුන් බව පැෆරල් සංවිධානය පවසයි.
එම අපේක්ෂකයන් ගැන සමීප නිරීක්ෂණ සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද එම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසක් ද සහභාගිවූ බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසී ය.
නාමයෝජනා අවසන් වූ අවස්ථාවේ පෙළපාලි ගිය අපේක්ෂකයින්ට එරෙහිව මේ වනවිට පරික්ෂණ ආරම්භ කර ඇති අතර මැතිවරණය සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හා දූෂණවලට වගකිව යුතු 50කට ආසන්න පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
මැතිවරණය ප‍්‍රකාශ්‍යට පත්කිරීමෙන් පසු ගතවූ කාලය තුළ පොලිසියේ හැසිරීම පිළිබඳ පැෆරල් සංවිධානය එහි දී අගය කළ බවත් මැතිවරණ සමයේ දිගටම පොලිසියේ ප‍්‍රශස්ත සේවාවක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ බවත් හෙට්ටිආරච්චි මහතා පැවසී ය.
එමෙන්ම ප්‍රචණ්ඩත්වය අවම කිරීමට පැෆ්රල් සංවිධානයට ලබාදිය හැකි සහය පිළිබඳ මෙන්ම එම කටයුත්ත සාර්ථක කර ගැනීමට පොලිසිය දක්වන සහය පිළිබඳව ද අවධානය යොමුවු බව එම සංවිධානය සඳහන් කළේය.
අපරාධකාරී චර්යාවන් සහිත අපේක්ෂකයන් පිළිබඳ මාර්තු 12 ව්‍යාපාරයට ලැබුනු පැමිණිලි පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර එම පුද්ගලයන්ට එරෙහිව ඇති පැමිණිලි පිළිබඳ සොයා බලන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
මීට අමතරව පොලිස් ස්ථාන මට්ටමින් අපරාධකාරී චර්යාවන් සහිත පිරිස් මැතිවරණයට ඉදිරිපත්ව තිබේදැයි සොයාබලන ලෙසට ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව පැෆ්රල් සංවිධානය පැවසී ය.
COMMENTS