තලවාකැලේ ලිඳුල නගරස සභාවේ හිටපු සභාපති අශෝක සේපාල ඇතුලූ පිරිසක් එළැඹෙන පළාත්පාලන මැතිවරණයේදි තලවාකැලේ ලිඳුල නගරසභාව සඳහා ස්වාධිනව තරග කිරි...
තලවාකැලේ ලිඳුල නගරස සභාවේ හිටපු සභාපති අශෝක සේපාල ඇතුලූ පිරිසක් එළැඹෙන පළාත්පාලන මැතිවරණයේදි තලවාකැලේ ලිඳුල නගරසභාව සඳහා ස්වාධිනව තරග කිරිමට නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත ඇපමුදල් තැන්පත්කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි රත්නායකගේ කි‍්‍රයාකලාපය හේතුවෙන් තමන් ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තිරණය කළ බවයි.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුලූ තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවිමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ සි.බි. රත්නායක මන්ත්‍රීවරයාට හිතවත් නොවන හා ඔහුට අභියෝගයක් වනබව සිතන තමන් ඇතුලූ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කටයුතු කළ ප‍්‍රබලයන් රැසකටම නාමයෝජනා ලබාදිම ප‍්‍රතික්‍ෂ්ප කිරිමනිසා තමන් ස්වාධීනව තරග කිරිමට කටයුතු කළ බවයි අශෝක සේපාල අද (07) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලූ පොදුජන පෙරමුණේ ප‍්‍රබලයන් රැසක් සමග සාකච්ජා කළත් ඔහුන් එයට නිසිවි සදුමක් ලබා නොදි සි.බි රත්නායක මන්ත්‍රීවරයා රැක ගැනිමටකටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
COMMENTS