දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම තවත් උග්‍ර වෙයි.
Homeගොසිප්

විමල්ගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම තවත් උග්‍ර වෙයි.

PropellerAds

ජාතික නිදහස් පෙරමුණේ  නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව සමග එක්විය නොහැකිය යන  ස්ථාවරය දැරීමත්,ජා.නි.පෙ ප්‍රධාන තනතුරු දරන කිහිපදෙන...

තෙවන එක්දින තරගයෙන් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට ජය
රජයේ පාසල් නිල ඇඳුම වර්ණගැන්වීමට ඔබ එකඟද? - Voice Comments විවෘතයි
ට්‍රම්ප් ගැන අප්‍රකට කරුණු

ජාතික නිදහස් පෙරමුණේ  නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව සමග එක්විය නොහැකිය යන  ස්ථාවරය දැරීමත්,ජා.නි.පෙ ප්‍රධාන තනතුරු දරන කිහිපදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතුය යන ස්ථාවරයේ සිටීමත් හේතුවෙන් එම පක්ෂය අභ්‍යන්තරයේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

පසුගිය කාලය පුරා එක් ස්ථාවරයකට එළඹීමට පක්ෂයේ නායකයන් උත්සාහ කළද එය ව්‍යවර්ථ වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම පක්ෂයේ කිහිප දෙනෙකු පක්ෂය හැරයෑමට තීරණය කර තිබේ.

ජා.නි.පෙ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ ජයන්ත වීරසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරයක් ලබාගැනීමත්,ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රියන්ජිත් විතාරණගේ  ඉල්ලා අස්වීමත්, ජාතික සංවිධායක ධුරය දැරූ පියසිරි විජේනායක ඉවත් කිරීමත් මෙම මතගැටුමේ ප්‍රතිඵලයන් බව දේශපාලන  ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වුවහොත් රටට ජයග්‍රහණය අත්කරදීමට හැකියාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා%අද^ට පැවසීය.

අනිවාර්යයෙන්ම එම එකතුවීම සිදුවිය යුතුය යනස්ථාවරය අවශ්‍ය තැන්වලදී තමන් ප්‍රකාශ කළ බවදමන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ මතය ඊට වෙනස් බවත්, එක් එක් පුද්ගලයාගේ දේශපාලනය ස්ථාවරය අනුව විවිධ මත දැරීමේ අයිතිය තිබෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයට නොව රටට ජයග්‍රහණ අත්පත් කරදීම ගැන සිතිය යුතු බවත්,රටට ජයග්‍රහණ අත්පත්කර දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග  එක්වීම අවශ්‍ය බවද හෙතෙම පවසා සිටියේය.

බෙදීම හා අඩුකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙකක් නොවන බවත්,එකතුකිරීම හා වැඩිකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙක බව පැවසූ  දිසානායක මහතා එම සරල කරුණු ඕනෑම අයෙකුට වැටහෙන බවද පෙන්වා දුන්නේය.

රටට ජයග්‍රහණ අත්පත්කර දිය හැකි මාර්ගය කුමක්දැයි සියලු දෙනා ගැඹුරින් සිතිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

 ඒසම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා,

“පක්ෂයක් කියන්නෙ මිනිස්සුන්ගේ එකතුවක්.එම පක්ෂයක් ඇතුළෙ ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්.දේශපාලන පක්ෂවලය හැම අවස්ථාවකදීම අභියෝග තිබෙනවා.එකතුවෙලා සිටියදී විවිධ මතවාද,ප්‍රශ්න ඇතිවෙනවා.අපේ පක්ෂය ඇතුළෙත් විවිධ මතවාදී අරගල විවිධ අවස්ථාවලදී පැනනගිනවා.ඒවා ඉතා බුද්ධිමත්ව සමනය කරගැනීම තමයි අපේ වගකීම විය යුත්තේ.අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ එකතුවෙලා තමයි.නමුත් විවිධ මත ඉදිරිපත්වන අවස්ථා තිබෙනවා.විවිධ මත දරන අය ඉන්නවා, මත තියෙන අය ඉන්නවා* යැයි පවසා සිටියේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීමල් වීරවංශ මහතාට හිතවත් පිරිස ආණ්ඩුව සමග එක්නොවිය යුතු බවට දරන ස්ථාවරය දරන බවත්,මේ වනවිට රටේ සම්පත් විකුණමින් ගෙනයන ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ සමග තම පක්ෂයට එක්විය නොහැකි බවද එම පක්ෂයේ ප්‍රකාශයෙක් පැවසීය.

පසුගිය කාලය පුරා වත්මන් ආණ්ඩුව ජනතා ඉල්ලීම් නොසලකා හරිමින් බටහිර ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත්, එක්සත් ජාතික පක්ෂයේ උවමනාවට දියත්වන එම වැඩපිළිවෙළ සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්විය නොහැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද පදනම කඩාබිඳ  දැමීම සඳහා ආණ්ඩුව හා ඇතැම් පුද්ගලයන්  මුදල් වැයකරමින් සිටින බවත්,පක්ෂයෙන් ඉවත්වී යෑමට අවශ්‍ය අයෙකු සිටීනම් ඕනෑම අවස්ථාවක ඉවත්වී යෑමට අවස්ථාව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම තවත් උග්‍ර වෙයි.
විමල්ගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම තවත් උග්‍ර වෙයි.
http://ift.tt/2zZQgAC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy