ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපති මෛත්‍රිප...
ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් අද(28) ජනපති හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමුවූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක් විය.
COMMENTS