දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්තලින් රට යන්න එන මගීන් අමාරුවේ.
Homeගොසිප්

මත්තලින් රට යන්න එන මගීන් අමාරුවේ.

PropellerAds

මත්තල ගුවන්තොටුපොළින් ඩුබායි බලා යෑමට පැමිණෙන ගුවන් මගීන්ට ගුවන්තොටුපළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තහංචි පැනවීම හේතුවෙන් දැඩි ...

දිනේෂ් චන්දිමාල්ගෙ උපන්දිනේදා නිළියන් කරේ තියන් ඩාන්ස් එකක්
ආපදා අයට ස්වේච්ඡාවෙන් කෑම උයන්න ආව අයම ආධාර තොග සොරාගෙන
තාත්තගෙ මරණයට ඇම්බියුලන්ස් එකේ පරක්කුවත් බලපෑවා - කේන් කියයි

මත්තල ගුවන්තොටුපොළින් ඩුබායි බලා යෑමට පැමිණෙන ගුවන් මගීන්ට ගුවන්තොටුපළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තහංචි පැනවීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූ බව  ගුවන් මගීහු පවසති.

අද(19) උදේ මත්තල ගුවන්තොටුපොළට පැමිණි ප්ලයිඩුබායි  ගුවන් යානයෙන් ඩුබායි යෑමට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් හරවා යැවීම සිදු කර ඇති බව මත්තල ගුවන්තොටුපොළ කළමනාකාරිත්වය සඳහන් කළේය.

මෙසේ විදේශ ගත වීමට අවස්ථාව නොදුන් ගුවන් මගියෙක් වන අම්බලන්තොට මාමඩල පදිංචි ඩබ්.ඒ නාලක මහතා මෙසේ කියා සිටියේය.

‘‘මගේ වසය අවුරුදු 22 යි මගේ අක්කා සහ අයියා ඩුබායි වල හෝටලයක් කරනවා. මේ නිවාඩු කාලේ මම අයියා ලඟට යන්න සූදානම් වෙලා වීසා, ගුවන් ටිකට් පත් ඇතුළු සියල්ල සකසා අද (19) උදේ මත්තල ගුවන් තොටුපලට ආවා . විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මාගෙන් ප්‍රශ්න කලා මොකටද යන්නේ කියා මම කාරණය කිව්වා එවිට ඒ අය කියා සිටියා ඔයාගේ අක්කලට අයියලාට ඔයාට කෑම දෙන්න වියදම් කරන්න ඒ අයගේ පඩි මදි.  එම නිසා ඔයා අසරණ වෙනවා එහේ ගිහිල්ලා යන්න දෙන්න බැහැ කියලා. මම කිව්වා ඒ අය තමයි මට ටිකට් එවල තියෙන්නේ  මට යන්න දෙන්න මම අසරණ වෙන්නේ නැහැ කියලා. ඒත් යන්න ඉඩ දුන්නේ නැහැ. මට රුපියල් ලක්ෂ එක හමාරක් විතර වියදම් දැන් ඉතින් කටුනායකින් හරි යන්න කටයුතු කරනවා. කටුනායකින් යන්න දෙනවා කියල කියනවා. එකම රටේ ගුවන් තොටුපොළ දෙකක නීති දෙකක් මොකද කියා දන්නේ නැහැ.‘‘

මෙම තත්ත්වය සම්බන්දව මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා කියා සිටියේ පසුගිය දින කිහිපයෙත් මේ ආකාරයට ගුවන් මගීහු කිහිප දෙනකුගේ ගුවන් ගමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නතර කළ බවයි. ඒවා සාධාරණ හේතු නොවන බවද කාර්ය භාර නිලධාරීවරයා කීය.

මෙම තත්ත්වය මත මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපලෙන් විදේශ ගතවීමට පැමිණෙන ගුවන් මගීහු අනිසි බියක් ඇති කර ගනිමින් මත්තල ගුවන්තොටුපළට නොපැමිණෙන බවද කළමණාකාරීත්වය පවසයි.

මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපලේ විදේශ සේවා නියුක්ති කාර්යශංයෙන්   මේ සම්බන්ධව විමසීමේ දී  එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ගුවන් මගීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළිවන කරුණු මත මෙම තහනම් සිදු කරන බවයි. මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට  නොහැකි බවද කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්තලින් රට යන්න එන මගීන් අමාරුවේ.
මත්තලින් රට යන්න එන මගීන් අමාරුවේ.
http://ift.tt/2Bca2tn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_491.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_491.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy