ඝාතනයට ලක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාට වෙඩි තැබූ ගිනි අවියේ කොටස් රස පරික්ෂකවරයාටත්, ශරීර කොටස් ඩි.එන්.ඒ. පරීක්ෂණයකටත් යොමු කිරීමට අධ...
ඝාතනයට ලක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාට වෙඩි තැබූ ගිනි අවියේ කොටස් රස පරික්ෂකවරයාටත්, ශරීර කොටස් ඩි.එන්.ඒ. පරීක්ෂණයකටත් යොමු කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මහව අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවආරච්චි මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
එමෙන්ම දළ පූට්ටුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ග්‍රාම නිලධාරීන් දෙදෙනා ඇතුළු සියලු සැකකරුවන් ජනවාරි 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරිණි.
මේ අතර අත්අඩංගුවේ පසුවන සියලු සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා පොලීසියට ලබා දෙන ලෙසද අධිකරණය දුරකථන සමාගම් වලට නියෝග කරනු ලැබීය.
COMMENTS