ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම තුළම රඳවන බවත්, එක්සත් ජාතීන්ගේ කවර ඡන්දයකින්වත් එහි වෙනසක් නොවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරික...
ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම තුළම රඳවන බවත්, එක්සත් ජාතීන්ගේ කවර ඡන්දයකින්වත් එහි වෙනසක් නොවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හේලි අවධාරණය කළාය.
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත් කරගන්නා ලෙස ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්දයට පෙර ඇය මෙම අදහස් දැක්වීම සිදුකළාය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ හේලි,
"ගැටලුව සම්බන්ධයෙන් කවර හෝ අවසන් තීන්දුවක් පිළිබඳ පූර්ව විනිශ්චයක් ඇමෙරිකානු තීරණයෙන් නොදෙන අතර, රාජ්‍යයන් දෙකක විසඳුමට දෙපාර්ශ්වය එකඟ වන්නේ නම් ඊට බාධාවක් වන්නේ නැහැ. ස්වෛරී රාජ්‍යයක් ලෙස අපගේ අයිතිය භාවිත කළ නිසාම, මහා මණ්ඩලය තුළදී හුදකලා කළ මේ දිනය ගැන ඇමෙරිකා එක්සත් ජනපදය සිහි තබා ගනීවි.
ඇමෙරිකාව ලෙස අපේ තානාපති කාර්යාලය ජෙරුසලමේ රඳවනවා. එයයි ඇමෙරිකානු ජනතාව අපෙන් බලාපොරොත්තු වන්නේ. ඒ වගේම, කළ යුතු නිවැරදි දේ එයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කවර ඡන්දයකින්වත් එහි වෙනසක් සිදුවන්නේ නැහැ." යනුවෙන් පවසා සිටියාය.
ඇමෙරිකානු යෝජනාව ඉවත් කරගැනීම සඳහා වූ යෝජනාව සම්බන්ධ ඡන්දය බහුතර මුස්ලිම් රාජ්‍යයන් ඇතුළුව ට්‍රම්ප් විරෝධී යුරෝපීය රාජ්‍යයන් හා බලවතුන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, ඊට පක්ෂව ශ්‍රී ලංකාවද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
එ.ජාතීන් යනු බොරුවෙන් යුතු තැනක් - ඊශ්‍රායලය
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත් කරගන්නා ලෙස ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සහාය පළ වුවද, එම ඡන්ද ප්‍රතිඵලය බැහැර කරන බවත්, එක්සත් ජාතීන් යනු බොරුවෙන් යුතු තැනක් බවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේය.
මේ අතර නිවේදනයක් නිකුත් කළ ඊශ්‍රායල් අගමැතිවරයා කියා සිටියේ ජෙරුසලම වෙනුවෙන් ජනපති ට්‍රම්ප් දරණ ඒකායන ස්ථාවරයට ස්තූතිය පළ කරන අතර, සත්‍යය පැත්තෙහි හිඳ ඊශ්‍රායලය හා එක්ව ඡන්දය දුන් රටවලට ස්තූතිය පළ කරන බවයි.
COMMENTS