එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් සැදීමේ පළමු වෙඩිමුරය තබන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. 31වන දිනට පසු ඒ සම්බන්ධයෙන් දැකගත හැකි වනු...
එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් සැදීමේ පළමු වෙඩිමුරය තබන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
31වන දිනට පසු ඒ සම්බන්ධයෙන් දැකගත හැකි වනු ඇති බවයි ඔහු ඊයේ (30) පැවති උත්සවයකදී අවධාරණය කළේ.
පෙරේදා (29) නුවරඑළිය ප්‍රදේශයේ දී අගමැතිවරයා හමුවී සාකච්ඡා කර ඇති අමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීමට දායකත්වය නොදුන් පුද්ගලයන් දැන් හැසිරෙන ආකාරය පිළිබඳව සිය අප්‍රසාදය පල කර තිබෙනවා.
තමන්ට දැන් තිත්තවී ඇති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අගමැතිවරයාට දැනුම් දී ඇත්තේ.
2020 ජනපති, රනිල්
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2020 පැවැත්වෙන මැතිවරණයේදී ජනාධිපතිවරයා බවට පත්කිරීමට කැපවී කටයුතු කරන බව අමාත්‍ය පලනි තිගාම්බරම් දමිළ ප්‍රගතිශීලී සන්ධානය හැටන් DKW ශාලාවේදී අද (2017-12-31) පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් සහතික වුණා.
එක්සත් ජාතික පක්ෂය රටට සේවය කර ඇති පක්ෂයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ජාතිවාදී නොවන පුද්ගලයෙකු බවත් එතුමා සියළු ජාතීන්ගේ සිත දිනාගෙන සිටින පුද්ගලයෙකු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අග්‍රාමාත්‍යවරයාට ඇතැමුන් අසත්‍ය චෝදනා එල්ල කිරීමට උත්සාහ කළත් ඒවා ඔප්පු කර ගැනීමට ඔවුන්ට නොහැකිවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
වැවිලි ප්‍රජාව වෙනුවෙන් තම ඉල්ලීම පරිදි ඉඩම් හිමිකම් ඔප්පු සමඟ නිවාස ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ රජය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර මැතිවරණයේදී ඒ සඳහා කෘතගුණ දැක්වීමට වැවිලි ප්‍රජාව කැපවී සිටින බවයි.
ආණ්ඩු මාරු කරන මැතිවරණයක් නොවේ
එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් තෝරාගන්නා මැතිවරණයක් බවයි.
එක්සත් ජාතික පක්ෂය වටා ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා 2015 වසරේදී සෙසු දේශපාලන පක්ෂ සහ ජනතාව ඒකරාශී වූවා සේම මෙවර පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සියලුදෙනා ඒකරාශී වී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඉල්ලීම පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව වැඩිකිරීමට තම ආණ්ඩුව කටයුතු කළ බවත් ඊට පෙර පැවති කිසිඳු ආණ්ඩුවක් වැවිලි ප්‍රජාව වෙනුනෙන් එවැනි සේවාවක් සිදුකර නොමැති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
කඳුකරයේ ප්‍රජාව භාර අමාත්‍යවරයා බවට පලනි තිගාම්බරම් මහතා පත්කිරීමට තමා පියවර ගත්තේ වැවලි ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීම සඳහා බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව අමාත්‍ය පලනි තිගාම්බරම් විසින් වැවිලි ප්‍රජාව උදෙසා නිරවුල් ඔප්පු සමඟ නිවාස ලබා දීමේ වැඩසටහන සහ ඔවුන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
තිගාම්බරම් අමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පැසසුමට ලක්වූ බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.
COMMENTS