සමහර මිනිස්සුන්ට මේ ආණ්ඩුව හරි මදි වගේ කියා හිතෙන බවත් තමන්ටත් එලෙස හිතෙන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන...
සමහර මිනිස්සුන්ට මේ ආණ්ඩුව හරි මදි වගේ කියා හිතෙන බවත් තමන්ටත් එලෙස හිතෙන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ ( 17) මහරගම පැවති රැළියකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි එක්සත් ජාතික පක්ෂය වැටිලා, ඇඹරිලා ඉන්න කාලේ අපේ පක්ෂය කඩාකප්පල් කරන්න මේ කාලකන්ණි මොන තරම් වෙර දැරුවද කියන එක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 2014 විශේෂයෙන්ම මැතිවරණයට ඉස්සෙල්ලා තාම මතකයි මට සිරිකොතේ පිලක උඩට වෙලා ඉදලා මන් කල්පනා කළා කවද අපිට ආණ්ඩුව එයිද කියලා? එහෙම හිටපු අපි අද ආණ්ඩුවක් ගත්තා. සමහර මිනිස්සුන්ට මේ ආණ්ඩුව හරි මදි වගේ කියලා හිතෙනවා. මටත් හිතෙනවා. අපිට සම්පුර්ණ ආණ්ඩුව නෑ වගේ හිතෙනවා. නැතුව නෙවෙයි ඔබතුමාලටත් හිතෙනවා. නායක තුමා ළඟ ඉන්දැද්දියි කියන්නේ. එහෙම හිතෙනවා මට හිතෙනවා. හැබැයි අපි ඊට වඩා මහ ලොකු දෙයක් මේ රට වෙනුවෙන් කරා.”
“මැතිවරණයට ඉස්සෙල්ලත් 2015 මැතිවරණය යනකොටත් අගමැතිතුමා කිව්වා අපි එකතු වෙලා මේ ආණ්ඩුව හදන්නේ කියලා. ඇයි එහෙම කිව්වේ? විනාශ වෙලා තිබුණ රටක් එක තැනකට ගේන්න පක්ෂ භේදෙකින් තොරව රට එක තැනකට ගේන්න ඕනේ කියලා. ඔව් අපිට පොඩි අමාරුවක් තියෙනවා. කලිසම ඇදන් හිටියට යට ඇඳුම නෑ වගේ හිතෙනවා. ආණ්ඩුව අපේ හැබැයි නෑ වගේ. හැබැයි ආණ්ඩුව අපේ කර ගන්න නම් ඔබතුමන්ලාගේ නගර සභාව, ප්‍රාදේශීය සභාව දින්නම අන්න එදාට අපි අපේ ආණ්ඩුව හදා ගන්න පළවෙනි වෙඩිමුරය හදා ගන්නවා කියන එක හදවතින් මතක තියා ගන්න.”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS