පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන සියලුම අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මහ සමුළුවක් හෙට (29) පස්වරු 2.00ට ජ...
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන සියලුම අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මහ සමුළුවක් හෙට (29) පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී සියලුම අපේක්ෂකයන් ශ්‍රීලනිප ප්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසුදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යුහය තුළ ඇති කිරීම සඳහා දිවුරුමක් මඟින් ප්‍රතිඥාවක් ලබාදීමට නියමිතය.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද සමස්ත කාලසීමාව පුරාම දූෂණයෙන් තොර නීතිගරුක පාලන යාන්ත්‍රණයක් සිය සභාවන් තුළ ගෙන යන බවට වන ප්‍රතිඥාවක්ද ඒ තුළ අන්තර්ගත වන බව වාර්තාවේ.
COMMENTS